IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඇඳිරි නීතිය තිබියදීත් පැය 13 ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘතයි

(අජන්ත කුමාර අගලකඩ සහ කාංචන කුමාර ආරියදාස )
 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට  (25) සවස 5.00 සිට විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය.
 
කෙළඹ, ගම්පහ, ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයකට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නිතිය  අනිද්දා (26) උදේ 6.00ට අවසන් වන බැවින්, අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම හා බෙදා හැරීම සඳහා ආර්ථික මධ්‍යස්ථානය මෙසේ විවෘතව තිබෙන බව ඇමැතිවරයා කීවේය.

ඒ අනුව, හෙට(25)  සවස 5.00ට විවෘත කරන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අනිද්දා (26) දහවල් 12.00 දක්වා විවෘතව තිබෙන බවද ඔහු කීවේය.

ඒ අනුව  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  ගොවීන්  රැගෙන ආ එළවළු තොග සියල්ල සහතික මිල ගණන් යටතේ රජය විසින් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් අද (24)  දින දහවල් සිට ආරම්භ  කර තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ගොවීහු දඹුල්ල ආර්ථික  එළවළු රැගෙන විත්  ඒවා විකුණා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ .

ගොවීන් රැගෙන ආ එළවළු කිලෝ ලක්ෂ 35ක් 50ත් අතර ප්‍රමාණයක්  අලෙවි කර ගැනීමට නොහැකිව ආර්ථික මධ්‍යස්ථානයක් තුළ ගොඩ ගසා  වෙළඳුන්ගේ පැමිණීම නැති වීම ඊට හේතුවයි. 

තිබෙන සිද්ධිය පිළිබඳව සොයා  බැලීම සඳහා  රාජ්‍ය  පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ද එම ස්ථානයට පැමිණියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම එළවළු  සියල්ල රජය මිලදී ගැනීමට අවශ්‍ය  පියවර ගෙන තිබේ.

 

 

 

 

 



අදහස් (1)

ඇඳිරි නීතිය තිබියදීත් පැය 13 ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘතයි

de silva Tuesday, 24 March 2020 10:58 AM

වෙළෙන්දෝ ඕනේ නැහැ. රජය මගින් සහතික මිලකට එම නිෂ්පපාදන මිලට ගෙන ප්‍රවාහනය සහ වියදම් අඩු කරගෙන සුළු ලාභයක් තබාගෙන එම නිෂ්පපාදන රථ මගින් කෙලින්ම පාරිභෝගිකයාට ලබා දෙන්න. වැඩේ හොඳට කෙරුනොත් ඇදිරි නීතියෙන් පස්සෙත් දිගටම මේ වැඩේ කරගෙන යන්න. අවශ්‍ය නම් මෙම වැඩ සදහා විශ්‍රාමික හමුදා භටයන් වැටුපක් ගෙවා බඳවා ගන්න. ගසාකන වෙළෙන්දන්ගෙන් ජනතාව බේරා ගැනීම රජයේ වගකීමයි.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 37 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site