( රංජිත් රාජපක්ෂ )
ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසළක් කිසියම් පිරිසක් අද (22) අලුයම කඩා මත්පැන් බෝතල් රැගෙන යාමට උත්සහ කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.
හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් වත්ත ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැල් පිටුපසින් සිමෙන්ති ගල් සහිත බිත්තියේ ගල් කිහිපයක් ගලවා මත්පැන් අලෙවිසැලට ඇතුල්විමට උත්සහ කර ඇත.
එම අවස්තාවේ මත්පැන් අලෙවිසැල පිහිටි ගොඩනැගිල්ලේ ආරක්ෂාව සදහා සිටි මුරකරු විසින් ශබිදයක් ඇසිමත් සමග එ පිලිබදව මත්පැන් අලෙවිසැල පිහිටි ගොඩනැගිල්ලේ අයිතිකරුට දැනුම් දිමෙන් පසු ගොඩනැගිල්ලේ අයිතිකරු එම ස්ථානයට පැමිණ නිරික්ෂණය කිරිමේදි සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරයි.
පොලිසිය විසින් දැනට කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ මත්පැන් අලෙවිසැල කඩා ඇතුල්විමට උත්සහ කළ සැකකරුවන්ට මත්පැන් අලෙවිසල තුළ ගබඩා කර තිබෙන මත්පැන් බෝතල් රැගෙන යාමට නොහැකි වී ඇතිබවයි.
හැටන් පොලිස් බල ප්‍රදේශයේ පිහිටි සියලුම මත්පැන් ශාලාවලට පොලිසියෙන් ඇදිරි නිති බලපත්‍රයක් රැගෙන මුරකරුවෙකු සේවයේ යෙදවිමට මත්පැන් අලෙවිසැල් හිමියන්ට උපදෙස් ලබාදෙන බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පැවසිය.
නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් නොර්වුඩ් පුලියාවත්ත ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැලක් සහ දිඹුල පතන පොලිස් බල ප්‍රදේශයට අයත් කොටගල නගරයේ පිහිටි මත්පැන් අලෙවිසැලත් පසුගිය දා කිසියම් පිරිසක් විසින් කඩා මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් රැගෙන යාම සම්බන්ධයෙන් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා විසින් අධිකරණය වෙත පරික්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නුවරඑලිය සහ හැටන් පොලිස් අධිකාරිවරුන්ට නියෝගයක්ද නිකුත් කර තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳිරිනීතීයේදී මත්පැන් අලෙවිසැළට ඇතුළු වීමට දැරූ උත්සාහය අසාර්ථක වෙයි