IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ඇන්ඩෲ ටේට් අත්අඩංගුවට

(විමුක්ති එස් රුද්‍රිගු)

කාන්තා විරෝධී ආකල්ප ඇති, අන්ත දක්ෂිණාංශික මත පළ කරන මතභේදාත්මක සමාජ මාධ්‍ය චරිතයක් වන ඇන්ඩෲ ටේට් සහ ලොව ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නගන ක්‍රියාකාරිනියක වන 19 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් අතර  සිදුවූ ට්විටර් වචන හුවමාරුව අවසන් වී පැය 24 යන්නට මත්තෙන් රුමේනියා පොලිසිය විසින් ඇන්ඩෲ ටේට් අත් අඩංගුවට ගනු ලැබ ඇත.

කාන්තාවන් දූෂණය කිරීම, මිනිස් ජාවාරම සහ සංවිධාත්මක අපරාධ සිදුකිරීමේ චෝදනා මත ඇන්ඩෲ ටේට් සහ ඔහුගේ සොයුරු ට්‍රිස්ටන් රුමේනියා පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.ඇන්ඩෲ ටේට් සහ ග්‍රේටා තන්බර්ග් අතර  සිදුවූ ට්විටර් වචන හුවමාරුවේදී පළ කළ ඡායාරූපයක තිබූ පිට්සා අසුරනයකින් ඔහු සිටි තැන සොයාගැනීමට සමත් වූ බව රුමේනියා පොලීසය ප්‍රකාශ කර ඇත.

ඔහුට සහ සහෝදරයාට අපරාධ රැසක් පිළිබඳ චෝදනා එල්ල වී ඇති අතර ඒ අතර අවම වශයෙන් කාන්තාවන් 6 දෙනකු, ඔවුන්ගේ දුර්වලතාවයන් ප්‍රයෝජනයට ගනිමින් සහ ප්‍රචණ්ඩත්වය භාවිත කරමින් අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝ විකිණීම සඳහා පටිගත කිරීමට යොදා ගෙන ඇතැයි රුමේනියා පොලිසිය චෝදනා කර තිබේ. 



අදහස් (4)

ඇන්ඩෲ ටේට් අත්අඩංගුවට

සකලබුජං Friday, 30 December 2022 12:39 PM

ලංකාවේ මුහුණු පොත් ඔස්තාර්ලා කිහිප දෙනෙක්ම පහුගිය දවස්වල ඇන්ඩෲ ටේට්ව අදහගෙන උන්නා.. දැන් හරියට ලැජ්ජා ඇති ඔවුන්ට...

:       0       17

pakeer Friday, 30 December 2022 01:14 PM

මූ කතා කරන්නේ නම් මාර පොරක් විදියට. බලන් ගියාම ස්ත්‍රී දූෂකයෙක්නේ.

:       2       7

ලොවට පරකාසේ Friday, 30 December 2022 01:42 PM

කන්න නැතත් දේශගුණික විපර්යාස ගැන විතරක් කතා කරකර සමුළු තියන කෙනෙක් ලංකාවේත් ඉන්නවා.

:       0       8

මැක්ස් Friday, 30 December 2022 03:06 PM

අපේ රටේත් "සමාජ මාධ්‍ය ක්‍රියාකාරී" ලේබලය අලවා ගෙන ඉන්න වැඩි දෙනෙක් සමාජ විරෝධීන්. එසේම, නීතිය තමන් අතට ගන්නට මිනිසුන් පො⁣ළඹවන්නන්. අපේ පොලිසියටත් බැරිද රුමේනියා පොලිසිය කළා වගේ මේ හාදයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න...!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 441 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site