IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘‘ඇත්ත කියපන්‘‘ඇමැති ඔළුවට පිස්තෝලේ තිබ්බා

(උපාලි ආනන්ද)

අනුරාධපුර බන්ධනාගාරයේ සිර කුටියෙන් එලියට ගත් තමා දෙවතාවක් දණ ගස්සවා ඉනේ තිබුනු පිස්තෝලය අතට ගත් රාජ්‍ය අමාත්‍ය ලෙහාන් රත්වත්තේ පිස්තෝලය  ලෝඞ් කර තමාගේ නළලට තබා තර්ජනය කර උඔ කියන්නේ  බොරු ඇත්ත  කියපන් කියලා තර්ජනය කළ  අවස්ථාවේ  වෙඩි තබා මරා දමාවි යැයි  බියක් දැනී තමා හැඬූ  බව අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි ත‍්‍රස්තවාදි සිරකරුවකු වන පූබාලසිංහම් සූරියපාලන් විවෘත අධිකරණය්දී පැවසීය

වැවිලි කාර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිමින් රාත‍්‍රි කාලයේ බීමත්ව අනුරාධපුර බන්ධනාගරයට ඇතුළු වී එම බන්ධනාගාරයේ රදවා සිටි  දමිළ ජාතික රඳවියකු දෙසට ගිනි අවියක් එල්ල කොට වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇති වන ආකාරයෙන් සාපරාධි බිය වැද්දීමක් සිදු කර තර්ජනය කිරිමේ  සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ අද මුල් වරට විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ලේ පැමිණිල්ලේ පළමු සාක්සිකරු ලෙස සාක්සි ලබා දෙමිනි මෙම නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර   වැවිලි කර්මාන්ත  රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය 
මෙහිදි ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අමතමින්  නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන්  පෙනී සිටි රජයේ අධිනීතිඥ සමදරී පියසේන මහත්මිය පැවසුෙවි පළමු සාක්කි පූබාලසිංහම් සූරියපාලන්ට සිංහල කතා කිරීමට හා තේරුම් ගැනීමට හැකියාවක් නොමැති නිසා භාෂා  පර්වර්ථකයෙකුගේ සහය ලබා දෙන ලෙසයි

එකී ඉල්ලීමට ඉඩ දන් ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අධිකරණයේ භාෂා පරිවර්ථක ඉර්ෆාන් මොහොමඞ් මහතාට නියෝග කළේ

සාක්සිකරු ද්‍රවිඩ බසින්  ලබා දෙන සාක්සි සිංහල බසින් පරිවර්ථනය කරන ලෙසයි 

 



අදහස් (4)

‘‘ඇත්ත කියපන්‘‘ඇමැති ඔළුවට පිස්තෝලේ තිබ්බා

Amal Friday, 05 January 2024 07:29 AM

ඔය දික්කරපු පිස්තෝල ආපහු කැරකෙන දවස ඉතාමත් ළඟයි. මොහුගේ පියාත් ඇමැති කාලේ මහජන ධනය හොරාකාපු කෙනෙක්... මොහුත් පියා ඇමැති කාලේ ඉඳන් පිය-ඇමති උෂ්ණය අරගෙන හොඳට රඟපාපු කෙනෙක්...!

:       0       6

සෙනෙවිරත්න Friday, 05 January 2024 08:07 AM

මේ වගේ අපත ඇමැතිලා එක්ක තමයි අපේ විරුවා රට හදන්න පටන්ගත්තේ, මොවුන් තව ගොඩාක් ඉන්නවා... මේ අයට තැනක් නොදෙන්න නම් පොහොට්ටුව නම් රැැවටෙන්න එපා...

:       0       4

Nimal Friday, 05 January 2024 09:05 AM

ලෝයර්ල වැඩි දෙනෙක් ලබන ආත්මෙ අපායෙ තමා...

:       0       7

සත්‍යපාල Friday, 05 January 2024 10:19 AM

කොතරම් නඩු ඇහුවත් අවසානයේ නිදොස් කොට නිදහස් . නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. හාමුදුරුවෝත් ලොන්ත පොල්.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site