IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇඟළුම් ව්‍යාපාරිකයෙක් කටුනායකදී අල්ලයි

රුපියල් එක් කෝටි පනස් දෙලක්ෂ හත්සිය හැටපහක මුදලක් වංචාකිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන්  අවශ්‍යව සිටි ව්‍යාපාරිකයෙකු   ඉන්දියාවේ කොචින් නුවර සිට යලි මෙරටට පැමිණීමේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ  ආගමන විගමන නිලධාරීන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු  කොළඹ ආදුරුප්පු වීදියේ පදිංචි 43 හැවිරිදි ඇගලූම් කර්මාන්තයේ නියැලි ව්‍යාපාරිකයෙකි.  ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ විසිදහස් තුන්සිය දාහතරක මුදලක් වංචාකිරීමේ පරික්ෂණයකට අදාලව මොහු අවශ්‍ය පුද්ගලයෙකු බැවින් ඔහුගේ විදේශ ගතවීම් වලක්වන ලෙස අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ අංශයේ ඉල්ලීමකට අනුව   කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන්  ගුවන්තොටුපොළ ආගමන විගමන අංශයට ලබා දී තිබූ  නියෝගයක් මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල නියෝගය ලබා දී  තිබුනේ පසුගිය 15  වෙනිදාය. කෙසේ වෙතත් ඊට එක් දිනකට පෙර එනම් පසුගිය 14 වෙනිදා සැකකරු  ඉන්දියාවේ  ට්‍රිචී නුවරට  ගොස් ඇත.

පසුව ඊයේ ඉන්දියාවේ කොචින් නුවර සිට ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 168 දරණ ගුවන්යානයෙන්  යළි මෙරටට එද්දී සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය භාරව රාජකාරී කළ ප‍්‍රධාන ආගමන විගමන නිලධාරීන් විසින් සැකකරු  ගුවන් තොටුපොළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති අතර වැඩිදුර පරික්ෂන  සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට බාර දීමට නියමිතය.

 



අදහස් (0)

ඇඟළුම් ව්‍යාපාරිකයෙක් කටුනායකදී අල්ලයි

මර්සි ලංකා Friday, 24 May 2013 02:06 PM

ලොකුම මුදලක් නෙමෙයි වංචා කරලා තියෙන්නේ , අද කරන වංචා වල විදියට. අද වංචාව රජයන කාලයක් ලංකාවේ තියෙන්නේ. ලොකු එකත් පොඩි එකත් පුළුවන් විදියට වංචාව කරලා , අපේ ලංකාවට විදේශ විනිමය දෙකම නැති කරනවා (නි)

:       0       0

ජෙෆ් Friday, 24 May 2013 03:27 PM

ආගමන විගමන නිලදරුවනි, ඔබගේ සේවය අගයමි. කලින් සිටියා අවංක නිලදාරී මහතුන්. ඔබත් අවංකව රටට සේවය කරන්න. එය ඔබව බිහි කල දෙමව්පියන්ටත්, ඔබගෙන් බිහිවන දරුවන්ටත් ගෞරවයක්. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 24 May 2013 11:31 AM

හවස් වෙද්දි කෝල් එකක් එයි නිදහස් කරලා දාන්න කියලා. බය වෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

දිලීප Friday, 24 May 2013 11:52 AM

කොහොමත් ලංකාවේ ඇගලුම් ව්‍යාපාරිකයන් සේවක අර්ථසාදක පඩිය වංචා කරලා තියෙන මුදල් ප්‍රමාණය දන්නවනම් ඕක සුළු වංචාවක් විතරයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site