දිවුලපිටියෙන් හමුවු කොරෝනා අසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් කළ පීසීආර් පරීක්ෂණවලන් 69 දෙනකු කොවිඩ් ආසාදිත බවට අද (05) හඳුනාගෙන ඇතැයි යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා සඳහන් කළේය.
ඔවුන් 69 දෙනාම ඇය සේවය කළ පෞද්ගලික ඇඟලුම්කම්හලෙහි සේවයේ නිරතවූ කාර්යමණ්ඩල සාමාජිකයෝය.
150 දෙනකුගෙන් කළ පරීක්ෂණ ඔස්සේ මොවුන් හඳුනාගෙන ඇතැයි ද හඳුනාගත් අසාදිතයින්ගේ අශ්‍රිතයින් සොයා පරීක්ෂණ අරඹා ඇතැයිද සෞඛ්‍යඅංශ සඳහන් කරයි.

2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඟලුම් කම්හලේ තවත් 69 කට කොරෝනා
Akila Monday, 05 October 2020 06:05 AM
හොයල බලන්න ඇය සේවය කල ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශය නියම කරපු නිවැරදි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරලද තිබෙන්නේ කියලා , නැත්නම් ඔවුන්ට විරුද්දව නඩු දැමිය යුතුයි. අනික් කරමාන්ත ශාලා සඳහාත් අනතුරු ඇඟවීමක් විදිහට.
Champa Monday, 05 October 2020 07:31 AM
කොරෝනා නේද? පහුගිය කාලේ දිගින් දිගටම කොරෝනා නැහැයි කියපු ආණ්ඩුව මේ පාර එක පාරටම කොරෝනාලු. ඒ පාර හැම තැනම කොරෝනා. ඉස්කෝල වහනව. හැම තැනම වහනවා. ඇඳිරි නීතිය දානවා. ඇඳිරි නීතිය කැඩුවොත් දඬුවම් දෙනවා. මිනිස්සුන්ව බය කරනවා. කොරෝනා තිබ්බ කොටවත් නොතිබ්බ මහා කලබලයක් ආණ්ඩුවේ. ලොකු ඝෝෂාවක්. හේතුව? 20 සංශෝධනයෙන් 78ට ආපහු යනවා කියල ආණ්ඩුවම කියපු එක ක්‍රියාවෙන් පෙන්වනවා. ආණ්ඩුව හදන්නේ කොරෝන පිටින් ඇඳිරි නීතිය දාල, 20 සම්මත කරගන්න. ආණ්ඩුවේ වැඩ පිළිවෙල දිහා බලන් ඉන්න ඕනේ කෙනෙකුට ඕක තේරෙනවා.
RohanaMonday, 05 October 2020 09:56 AM
ඇත්තනේ. දැන් කාටත් 20 අමතකවෙලා වැඩියෙන් කොරෝනා ගැන කතාකරනවා. හැබැයි 20 අමතක නොකර ඒ ගැනත් අවධානයෙන් සිටියොත් හොඳයි.
kamalMonday, 05 October 2020 11:43 AM
මේක මෝඩ අදහසක්...
amila Monday, 05 October 2020 09:53 AM
දේශපාලන වාසි වෙනුවෙන් අහිංසක ජනතාව බිලිදෙන එක තමයි මොන ආණ්ඩුව ආවත් කරන්නේ.
සමන් Monday, 05 October 2020 01:21 PM
චම්පා ඉතාම කුහක ලෙස අදහස් ප්‍රකාශ කිරීම ගැන කණගාටු වෙනවා. ලංකාවේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඇඳිරිනීතිය දමා හෝ කොරෝනා පැතිරීම පාලනය කළ යුතුයි. මෙයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන 20 වන සංශෝධනය කිසිඳු සම්බන්ධයක් නැති බව පාට කණ්නාඩි ඉවත්කළ දිනට චම්පාට පෙනෙනු ඇත.
ChampaMonday, 05 October 2020 11:03 PM
ඇත්ත කියන එක කුහක කමක් වෙන්නේ කොහොමද?. කොරෝන මුලින් ආව කොට ආණ්ඩුවේ හැසිරීමෙයි දැන් හැසිරීමෙයි වෙනස අහසට පොලොව වගේ. ඉස්සෙල්ල පුළුවන් තරම් කොරෝනා ලෙඩ්ඩු ගැන වැහැව්ව ආණ්ඩුව, මේ පාර පුදුම විදිහට විස්තර එලියට දානව. කවුද කුහක කියල බලන්න පුළුවන් කොරෝනා හින්ද 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන එක දින නියමයක් නැතුව කල් දානවද නැත්ද කියල දැන ගත්තහම.