
( සුජිත් හේවාජුලිගේෙ සහ යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)
ඇගිලි සලකුණු යන්ත්‍ර (FINGER PRINT) භාවිතා කිරිමෙන් තොරව ශ්‍රිලංකා රේගුවේ නිලධාරින් 2335 දෙනෙකුට ඉකුත් වර්ෂයේදි (2024) වැටුප් ,අතිකාල, නිවාඩු දින වැටුප් සහ දිරි දිමනා වශයෙන් රැපියල් කෝටි 339 කට වැඩි (3,395,867,121) මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති අලුත්ම විගණන වාර්තාවක දැක්වේ
පරිපාලන නීතිය සහ චක්‍රලේඛවලට අනුව සියලු රජයේ සේවකයින් සිය පැමිණිම සහ පිටවිම සටහන් කිරිම සදහා ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම අනිවාර්්‍ය වේ.
ශ්‍රිලංකා රේගුවේ නිලධාරින්ට ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරිමකින් තොරව වැටුප්,අතිකාල, නිවාඩු දින වැටුප් සහ දිරිදිමනා වශයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලින් ගෙවා ඇතැයි පැවැසෙන සමස්ත මුදල රුපියල් දෙසිය තිස්කෝටි අසුහය ලක්ෂ අනුහතර දහස් හත්සිය හෑත්තෑ හතකි. (2,308,694,777)
එසේම රේගු අතිකාල නැව්බඩු පිරික්ෂා කිරිමේ ගාස්තු හා තොරතුරු තාක්ෂණ සන්නිවේදන අරමුදල විසින් රුපියල් එකසිය අටකෝටි ,හැත්තැ එක්ලක්ෂ, හැත්තැ දෙදහස් තුන්සිය හතළිස් හතරක මුදලක්ද (1,087,172,344) ගෙවනු ලැබ තිබුණි.
මෙම සේවකයන් දිනකට පැය 24ක් දක්වා අතිකාල දිමනා ගන්නා බවත් ගෙවිම් සියල්ල පැමිණිම හා පිටවිම පිළිබදව නිසි සනාථ කිරිමකින් තොරව කර ඇති බවත් විගණන අංශ පවසයි.
සියලුම නිලධාරින් ඇගිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යෙන්ම භාවිතා කළයුතු බවත් යම් වැටලිම් අවස්ථාවක් හෝ එවැනි යම් රාජකාරි කටයුත්තක් සදහා සහභාගිවිමට අවශ්‍ය විටෙක ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරිම අපහසුවන්නේ නම් ඒ පිළිබද අදාළ බලධාරින් විධිමත් පරිදි දැනුවත් කර සුදුසු පරිදි කටයුතු කළයුතු බවත් රාජ්‍ය ගිණුම් කාරක සභා ( කෝපා) රැස්විමේදිද රේගුවට නිර්දේශ ලබාදී තිබීණ
මේ තොරතුරැ සදහන් වන්නේ රේගුව පිළිබද 2024 කාර්යසාධන වාර්තාවට ඇතුළත්කර ඇති විගණන ලේඛනයේ දැක්වේ.
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
510
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇගිල්ල නැතිව රේගුවට කෝටි 339 ක පඩි ගෙවලා
ලුම්බිණි Monday, 06 October 2025 01:56 PM
ඔන්න ආණ්ඩුවට හදනවා නම් හැදිය යුතු නැත...
අරවින්ද මොණරවිල Monday, 06 October 2025 08:13 PM
මේක සමස්ත රාජ්‍ය සේවයේම උඩු දුවන ප්‍රශ්ණයක් බව පෙනෙනවා, පැමිණීම සහ පිටවීම සටහන් නොකර වැටුප්, අතිකාල, දිරි දීමනා හා නිවාඩු පඩි වැනි දැ ලබා ගැනීම. ඒ නිසා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයට සුදුසු වැඩපිළිවෙළක් ආදේශ කළ යුතුයි.