IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇක්වා මෑන්ගෙන් ලංකාවට පැසැසුම්

ශ්‍රී ලංකාව සිය කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන ජේසන් මමෝවාගේ සතුටට හේතුවක් වී ඇත.

45 හැවිරිදි මමෝවා, ලොව පුරා ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වී සිටින්නේ, ‘ඇක්වා මෑන්’ නමැති සුපිරි වීරයාගේ චරිතයට පණ පොවමිනි. ජේසන් මමෝවා, මෙරට තරුණ තරුණියන්ගේ, විශේෂයෙන් තරුණියන්ගේ ආදරණීය රංගන ශිල්පියෙකි.

රංගන ශිල්පියකු ලෙස ලැබූ ජනප්‍රියත්වයත් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, පරිසර වැඩසටහන් හා සම්බන්ධ විශේෂ නියෝජිතයකු ලෙස ද මමෝවා කටයුතු කරයි. ඒ, සාගරය සුරැකීම සහ සාගර පරිසර පද්ධති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලෝවැසියන් දැනුවත් කරමිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔවුන්ගේ ‘වර්ල්ඞ් රෙස්ටෝරේෂන් ෆ්ලෑග්ෂිප්’ වැඩසටහන යටතේ, ආර්ථික සංවර්ධනයක් පෙන්නුම් කරමින්, සාගර පරිසර පද්ධති ආරක්ෂා කරන රටවල් ඇගයීමට ලක් කර, සම්මාන ප්‍රදානය කරයි.

මමෝවා ඇක්වා මෑන් ලෙස රංගනයේ යෙදෙමින් ...

කඩොලාන පරිසර පද්ධති නැවත ගොඩනැගීම සහ ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද ඇගයීමට ලක් වී ඇත.

ජේසන් මොමෝවා, අන්තර් ජාලයට වීඩියෝවක් එක් කරමින්, ශ්‍රී ලංකාව පැසැසුමට ලක් කළේ කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ලොවටම ආදර්ශයක් බව අවධාරණය කරමිණි.



අදහස් (0)

ඇක්වා මෑන්ගෙන් ලංකාවට පැසැසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site