
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ ඉහළ ආහාර කාණ්ඩයේ උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
ඒ අනුව ලෝකයේ වැඩිම ආහාර උද්ධමනයක් ඇති රටවල් පිළිබඳ ලෝක බැංකු දර්ශකයේ පස් වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
එම දර්ශකයේ ශ්‍රී ලංකාවට ඉහළින් සිටින රටවල් හතර වන්නේ ලෙබනනය,සිම්බාබ්වේ,වෙනිසියුලාව සහ තුර්කි යයි.
ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉකුත් ජූනි මාසයේ සියයට 75.8 ක් ලෙස වාර්තා වූ අතර එය ජූලි මාසයේ සියයට 82.5 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා වල සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
243
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආහාර හිඟ රටවල් අතරින් ලංකාව 5වැනි තැනට
Vira Tuesday, 23 August 2022 11:41 AM
සමත් නෙමෙයි අසමත්.
Surain Tuesday, 23 August 2022 12:17 PM
මෙවැනි තත්ත්වයක් අපට ඇති කළ පාලකයන් නේද තවම බලයේ ඉදන් ජනතාවට තර්ජන ගර්ජන කරන්නේ.
යෝගා Tuesday, 23 August 2022 12:52 PM
පාලකයන් වැරදි ඇති. නමුත් මේ තත්ත්වයට වඩාත්ම වගකිව යුත්තේ කූඨ වෙලඳ ප්‍රජාවයි.
fairoos Tuesday, 23 August 2022 01:05 PM
නන්දසේන සහ පොහොට්ටුවේ නඩය තමයි අපේ රට මේ තත්ත්වෙට පත්කරේ. මේ කරපු අපරාධයට හෙන වදිනවා.
Perera Tuesday, 23 August 2022 02:10 PM
කාටද ආඩම්බර. පළවෙනි තැනට ආවම කිරිබත් කන්න ලැබෙන එකක් නැහැ නේද?
Sunil Tuesday, 23 August 2022 03:55 PM
අනේ ඒකෙන්වත් රන් පදක්කම දිනනන්න බැරි වුණාද? ලබන වසර වන විට අපි ඔය දර්ශනයේ උඩින්ම සිටියි. රනිල්ට ජයවේවා.
Buddi Tuesday, 23 August 2022 05:15 PM
එළකිරි වෙන මොනව කියන්නද?