IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ආහාර සුරක්ෂිතතා නීති අලුත් වෙයි

(අංජුල මහික වීරරත්න)

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා  සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (13) පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවය  පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික මටිටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් තිබෙන දත්තවල විශාල වෙනස්කම් දක්නට ඇති බවත්, ඒවා කඩිනමින් නිවැරදි කරගත යුතු බවත් අවධාරණය කළේය. 

 



අදහස් (3)

ආහාර සුරක්ෂිතතා නීති අලුත් වෙයි

ravindra Tuesday, 13 December 2022 11:43 PM

අනේ මේ මොනාද මේ කියන්නේ.

:       2       3

AB Wednesday, 14 December 2022 01:26 AM

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒමේදී විශේෂයෙන් ගර්බනි මවුවරුන්ගේ පෝෂණ අවශ්‍ය තත්වයන් සිට පාසල් දරුවන්ට සහ වැඩිහිටියන් දක්වා සියලු දෙනා ඇතුලත් DATA Database system ඇතුලත් කලයුතුවේ. ලංකාවේ දිගු දේශගුණික / කාලගුණික විපර්යසන් නොමැති නිසා රට තුල අදීක්ෂණයකන් සමග මනා කළමනාකරණයෙන් ආහාර සුරක්ෂිතතාව වැඩසටහනක් ක්‍රියාත්මක කලහැකිය. ගොවින් සහ ගොවි සංවිධාන, පොහොර, කෘෂි රසායන Suppliers සියලු දෙනා ඇතුලත්ව සැලසුමක් සහිත කෘෂි නිෂ්පාදනයක් රට තුල ක්‍රියත්මක කිරීම තුලින් වසර පුරාම ආහාර සුරක්ෂිතතාව පවත්වගේන යාමට සැලසුම් කලයුතුවේ. අතිරික්තය අතුරු නිෂ්පාදන සදහා යොදාගැනීමට හැකිවේ. ලංකාවේ එක් එක්‌ ප්‍රදේශයන්හි වගල්කල හැකි බෝග හදුනාගෙන ඒ සදහා සැලසුම් සකස් කලයුතුවේ.

:       2       3

Sunil Wednesday, 14 December 2022 08:02 AM

කුමන නීති දැම්මත් රටේ ජනතාවගෙන් අඩක්ම කුසගින්නේ.

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site