(සුජිත් හේවාජුලිගේ )
රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන රැසක් සිය අවශ්‍යතා සඳහා ලබාගත් ගබඩා වෙනුවෙන් රුපියල් කෝටි 13 කට ආසන්න කුලී මුදලක් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවෙන් පමණක් ආහාර දෙපාර්තමේන්තුවට අයවිය යුතු හිඟ මුදල රුපියල් දෙකෝටි හැට එක් ලක්ෂයක් බවද එම වාර්තාව සඳහන් කරයි.
වාර්තාවේ දැක්වෙන අන්දමට ආහාර දෙපාර්තමේන්තුව සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට පමණක් ලබාදී තිබු ගබඩා සංඛ්‍යාව නවයකි.
මේ තොරතුරු සඳහන් වන්නේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත සහල් සංචිත තොග පවත්වාගෙන යනු ලැබීම හා ගබඩා උපයෝජනය කාර්ය සාධනය පිළිබඳ විගණන වාර්තාවේය.
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩා සංඛ්‍යාව 120කි. ඒවායේ මුළු ධාරිතාව මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූ හය දහස් නව සිය හතළිස් හයකි.
එම ගබඩා වලින් 46ක් රජයේ සහ පෞද්ගලික ආයතනවලට කුලී සහිතවද ගබඩා විසි අටක් රජයේ සහ පෞද්ගලික ආයතනවලට කුළී රහිතවද ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මුළු ගබඩා කුලියෙන් රුපියල් ලක්ෂ පනස් නවයකට වැඩි මුදලක් අය කර ගැනීම සඳහා ආයතන හා පුද්ගලයන් හය දෙනකුට පමණක් නඩු පවරා තිබු බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආහාර ගබඩාවලට කෝටි 13ක පොල්ලක්