
(අංජුල මහික වීරරත්න)
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.
රග්බි ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකා රග්බි වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරුණි. ඒ සඳහා ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සහයෝගය ලබා දීමට කයිස් මහතා මෙහිදී එකඟතාවය පළ කළේය.
මෙම අවස්ථාවට ආසියානු රග්බි සම්මේලනයේ උප සභාපති රිස්වාන් මලික්, ආසියානු රග්බි සම්මේලනයේ විධායක කමිටු සාමජිකයන් වන බෙන්ජමින් වෑන් රූයන්, අසංක සෙනෙවිරත්න,ග්ලාරාඩ් ප්‍රභූ සහ ජාතික තේරීම් කමිටුවේ සභාපති ප්‍රියන්ත ඒකනායක යන මහත්වරු ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ පුතාලා විසින් විනාශ කරපු තවත් එක දෙයක්. රග්බි ජාතික වශයෙන් සෙල්ලම් කරපු දෙතුන් දෙනෙක් පුද්ගලිකව කියලා තියෙනවා ලොකු මෝඩයා ටීම් එකේ ඉන්නකොට එයාගේ තැන සෙල්ලම් කරන්න එයාට වඩා හොඳ අඩුම ගණනේ විස්සක්වත් හිටියා කියලා. ස්කූල් ලෙවල් එකෙත් එයිට වඩා හොඳ කොල්ලෝ හිටියා කියලා...