(ටී.කේ.ජී.කපිල)
පකිස්තානයේ පැවති 2022 ආසියා ෆැසිපික් තොරතුරු තාක්ෂණ තරගාවලියේ ( Asia Pacific ICT Alliance Award ) ( 2022 - APICTA Award ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායම එහි රන් සම්මානය දිනා ගැනීමෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
ආසියා ෆැසිපික් කළාපයේ රටවල් 17 ක සහභාගීත්වයෙන් දෙසැම්බර් 5 සිට දෙසැම්බර් 12 දක්වා මෙම තරගාවලිය පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දී පවත්වා තිබුණි.
සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සන්නිවේදන තාක්ෂණ අංශයේ සේවය කරන නිලධාරීන් තිදෙනකු විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් පරිපාලනය සහ කළමනාකරණය කිරීම සදහා " සිප්තතු " නැමැති මෘදුකාංගය නිර්මාණය කර මෙම තරගාවලිය සදහා ඉදිරිපත් කර තිබුණි.
මෙම මෘදුකාංගය මගින් ගුරු තොරතුරු කළමනාකරණය , ස්ථානගත කිරීම් , ගුරු තුලනය , වාර්ෂික ස්ථාන මාරු වීම් , අනුයුක්ත කිරීම් , තොරතුරු ලැයිස්තු ලබා දීම් සහ කාර්යය මණ්ඩල නියාමනය යන පරිපාලන සහ කළමනාකරණ කාර්යයන් ඉතා කාර්යක්ෂම ඉටු කර ගත හැකිය.
මෙම මෘදුකාංගය රාජ්‍ය ආයතනයක් විසින් නිර්මාණය කර සංවර්ධනය කර තිබීම පකිස්තානයේ අධ්‍යාපන සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරුන්ගේ ප්‍රසංශාවට හා ඇගැයීමට ද ලක් විය.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආසියා පැසිපික් අයි.සි.සී රන් සම්මානය දිනා දිවයිනට
sharm warn Tuesday, 13 December 2022 10:03 AM
ආඩම්බරයි මල්ලිලා.. ඔයලා ඔව්ව පකිස්ථානෙට පෙන්නල රත්තරනින් පුද ලැබුවට මෙ රටෙ නම් අතින් වත් අල්ලන්න කවුරුවත් ඉදියි කියලා හිතන්න වත් එපා.. මෙක ලංකාව.. ඉහල සිට පහලටම , පතුලටම වංචා දූශණ විතරයි..