දෝහා කටාර් හි පැවති ආසියානු යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විදුහලේ දිනූදා අබේසේකර සමත් වූවාය. ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද (2 වැනිදා) දිවයිනට පැමිණියාය.
ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ ලේකම් කේ. ඒ කුමාරදාස සහ උප සභාපති අජිත් තමෙල් ඇතුළු නිලධාරීන් විසින් දිනූදාව ඉතා උනුසුම් අන්දමින් පිළිගන්නා ලදහ.
ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියකදී ශ‍්‍රී ලංකික ක‍්‍රීඩිකාවක් පදක්කමක් ලබා ගත් ප‍්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාස ගතවන බව ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ ලේකම් කේ.ඒ කුමාරදාස මහතා පැවසීය. ඇය මෙම පදක්කම් තුන හිමිකරගත්තේ කිලෝග‍්‍රෑම් 44 බර පන්තියෙන් තරගවදිමින් ස්නැච් ක‍්‍රමයෙන් කිලෝග‍්‍රෑම් 54 ක්ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝගෑම් 65 ක්ද බර මුලූ එකතුව කිලෝග‍්‍රෑම් 119 ක් වශයෙන් බර ඔසවමිනි.
දිනූදා පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබන ක‍්‍රීඩිකාවකි. මේ වන විටත් ජාත්‍යන්තර තරග රැසකින් ජයග‍්‍රහණය කර ඇති බැවින් ඇය අනාගත බලාපොරොත්තු තැබිය හැකි ක‍්‍රීඩිකාවක් බව ඇගේ පුහුණුකරු ඩන්කන් ජයසිංහ මහතා පවසයි.
තම ජයග‍්‍රහණය පිලිබද අදහස් දැක්වූ දිනූදා පැවසූවේ ඉදිරියේදී ශ‍්‍රී ලංකාවට කීර්තියක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් තම පුහුණුකරුවන්ටත්, පාසලටත් ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ නිලධාරීන්ටත් සිය ස්තුතිය පුද කරන බවත්ය.
ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විදුහලේම ඉසුරු සේනාධීර කිලෝග‍්‍රෑම් 94 බර පන්තියෙන් 6 වන ස්ථානය හිමිකරගත්තේය.
තරගාවලිය රටවල් 40 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 250 පමණ සහභාගීත්වයෙන් මැයි 26 දා සිට දෝහා කටාර්හිදී පැවැත්විණි. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් ඩන්කන් ජයසිංහ මහතාද කළමනාකරු වශයෙන් චමින්ද ගමගේ මහතාද කටයුතු කළහ.
(දිනූදා අබේසේකර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පිලිගන්නා ලද අවස්ථාව. වමේ සිට ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ උප සභාපති අජිත් තමෙල්, කණ්ඩායම් පුහුණුකරු ඩන්කන් ජයසිංහ, දිනූදා අබේසේකර (ක‍්‍රීඩිකා), ඉසුරු සේනාධීර (ක‍්‍රීඩක), කණ්ඩායම් කළමනාකරු චමින්ද ගමගේ සහ ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ ලේකම් කේ.ඒ කුමාරදාස යන මහත්වරු...)
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසියානු යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කම් තුනක්
දුමින්ද Monday, 03 June 2013 07:19 AM
සුභ පැතුම්! (නි)
දුලිප් Sunday, 02 June 2013 10:04 PM
ඔබ මුලු ජාතියටම ආඩම්බරයක් මගේ හදවතින්ම සුබපතමි.(නදී)
සරත් Monday, 03 June 2013 11:24 AM
අනාගතේ ජීවන බරම උසුලන්න වෙනවානේ. ඒ හින්දා දැන්ම බර උසුලල පුහුණු වෙන එක හොදයි.(ස)