ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ වැඩබලන සභාපති කටාර් ජාතික බි‍්‍රගේඩියර් ජෙනරාල් ධනලන් අල්හමාඞ් මහතා කොළඹදී හෙට (9) ආරම්භ වන 15 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේ නිරීක්‍ෂණ කටයුතු සඳහා දිවයිනට පැමිණීමට නියමිතය.
අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමයේ උප සභාපතිවරයෙකු ලෙසත් කටයුතු කරන ජෙනරාල් ධනලන් 1996 සිට කටාර් ජාතික මලල කී‍්‍රඩා සංගමයේ සභාපති ධූරය දරයි. කටාර් රාජ්‍යයේ යුද කටයුතු පිළිබඳ කාර්යාල අධ්‍යක්ෂ ලෙසත් එහි ආරක්ෂක බලකායේ හමුදා මෙහෙයුම් පිළිබඳ උප ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙසත් කටයුතු කරයි.
වසර 2006 කටාර් රාජ්‍යයේ පැවැති ආසියානු මලල කී‍්‍රඩා උළෙලේ තරග සංවිධායක ධුරයේ කටයුතු කිරීමත් ගල්ෆ් කලාපයේ මලල කී‍්‍රඩා සභාපති ලෙසත්, කටාර් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයා ලෙසත් මේ වනවිට ආසියානු කලාපයේ මලල කී‍්‍රඩා සංවර්ධනයට විශාල දායකත්වයක් ලබාදුන් අයෙකු ලෙසත් ඔහු පිළිගැනේ.
මේ අතර ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ හිටපු ලේකම් පේ‍්‍රමා පින්නවල මහතා හෙට ආරම්භ වන ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේ තීරක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමට ආසියානු මලල කී‍්‍රඩා සංගමය තිීරණය කර තිබේ.
එහි ලේකම් මොරිස් නිකලස් මහතාගේ උපදෙස් පරිදි එම පත්කිරීම කර තිබේ. පින්නවල මහතා වසර 17 ක් ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් ධුරයේ කටයුතු කළ අයෙකි.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියට ජෙනරාල් ධනලන් එයි
වරුණ Friday, 08 June 2012 01:30 PM
ජෙනරාල් එනව කිව්වම බය වෙයිද දන්නෑ....
නිශාඩ් Friday, 08 June 2012 04:30 PM
ජෙනරාල් කොටස බලධාරියා විසින් කපා හරින ලදී...