
(විමුක්ති එස් රුද්‍රිගු)
ආලෝකය ගමන් කරන අයුරු ඡායාරූප ගත කළ හැකි අපූරු කැමරාවක් එම්.අයි.ටී විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ලොවට හඳුන්වා දී තිබේ. සාමාන්‍ය වීඩියෝ කැමරාවකින් ග්‍රහණය කළ හැක්කේ තත්පරයකට රූපරාමු 24ක් වුවත් මෙම කැමරාවට තත්පරයකට රූපරාමු ට්‍රිලියනයක් ග්‍රහණය කර ගත හැකි බව පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කළේය.
මෙම තාක්ෂණික ආශ්චර්යය විශ්වයේ වේගවත්ම වස්තුව වන ආලෝකය ගමන් කරන අයුරු ඡායාරූපගත කිරීමට විද්‍යාඥයන්ට බලය ලබා දෙන බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දුන්නේය. සැබෑ සිදුවීම නැනෝ තත්පරයක් තුළ සිදු වුවත් එය තත්පර 20 දක්වා මන්දගාමී කිරීමට මෙම කැමරාවට හැකි බව පර්යේෂණ කණ්ඩායම පැවැසුවේය. දියරමය මාධ්‍යයක් තුළ උණ්ඩයක් ගමන් කරන අයුරු මෙම කැමරාව මගින් පටිගත කළහොත් එම වීඩියෝ පටය ධාවනය වන කාලය අවුරුදු තුනක් වන බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසා ඇත.
ෆෙම්ටෝ - ඡායාරූපකරණය නම් තාක්ෂණය මෙම කැමරාවට ඇතුලත් වී ඇති බැවින් මෙම කැමරාවට නොපෙනෙන කිසිවක් විශ්වයේ නොමැති බව පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආලෝකය ඡායාරූප ගත කළ හැකි කැමරාවක් ඇමෙරිකාවෙන්
කසුන් Tuesday, 19 December 2023 08:13 AM
මේක සොයාගත්තෙ 2010 ට කලින්. ඒ වගේම මේ තාක්ෂණය ප්‍රසිද්ධ උනේ 2012 -2013 වගේ කාලයේ..
වීරවිජේ Tuesday, 19 December 2023 12:04 PM
රාවණා රජ්ජුරුවෝ දඩු මොනරේ හැදුවා. හික් මීයෙක් වගේ උමං හදල හැංගුනා. රාවණා රජ්ජුරුවෝ අගහරු වලට ගියා. දියසෙන් හෙට පහල වෙලා ලෝකෙ උතුම්ම රට ලංකාව කරනවා. තව පොඩ්ඩක් ඉදපල්ලා..