IMG-LOGO

ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු

(රෝෂන් තුෂාර)

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර්  රථ දෙසීයක්  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට  ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කලේ යැයි කියන මහා ජාවාරමට සම්බන්ධ  එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් අටදෙනෙකුට එරෙහිව  අල්ලස්  හො දුෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා   හමුවේ අද (19) නඩු පැවරීය.

නියෝජ්‍ය කොමසාරිස් බන්දුල ජයසිංහ,පරිගණක වැඩසටහන් සම්පාදක රෝහිත සමරවීර ,වාහන පැවරුම් අංශයේ නිලධාරීන් හා ලිපිකරුවන් වනඋපුල් ප්‍රියන්ත,හේමන්ත මුත්තුංග,චන්න රෝහිත,ප්‍රියංගනී සිරිමාන්න ,වාහන  ආනයනකරුවන් වන ටී බී ඊරියගම හා නලින්ද මහේෂ් කුමාර යන පුද්ගලයින් සැකකරුවන් කෙරෙමින් මෙම නඩුව පැවරීය.

2015 න් පසුව රේගුවට හොර රහසේ  ආනයනය කළ සුඛෝපභෝගී රථ  2005 පෙර ආනයනය කළ සාමාන්‍ය රථ බවට අඟවමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම, 1999 වසරේ සිට මේ දක්වා ඊට ආධාර අනුබල සැපයීම,අංක තහඩු නිකුත් කිරීම,රථ ආනයනය කිරීම ඇතුළු චෝදනා ඉදිරිපත් කරමින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතෙ අංක 163 සමග කියවෙන 1994 අංක 20 දරණ අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය ප්‍රකාරව  වරදවල් සිදු කරමින් දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පැවරීය.

අල්ලස්  දූෂණ විමර්ශන කොමිසමේ රහසිගතව බුද්ධි ඒකකය  කළ විමර්ශනයක් අනුව මෙම ජාවාරම අනාවරණය කරගෙන ඇති අතර 2015 වසරෙන් පසුව සුඛෝපභෝගී වාහන දෙසීයක් පමණ ආනයනය කර ඇති බව  කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

අදාළ වාහන රාජසන්තක කිරීමට අධිකරණය මගින් නියෝග ලබාගත් අල්ලස් කොමිසම පසුගිය සතිය වන විට වාහන විස්සක්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රාජසන්තක කිරීම සඳහා අධිකරණය මගින් රේගු  බාරයට පත් කළේය.

 



 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 70 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site