IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘ආර්ථික ඝාතක හොයන තේරීම් කාරක සභාව වහලා දාන්න’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආර්ථික ඝාතකයන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් ලබාදී ඇති හෙයින් තේරීම් කාරක සභාවෙන් ඵලක් නැතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආර්ථික ඝාතකයන් හොයාගන්නට පත්කළ තේරීම් කාරක සභාව මගින් තවදුරටත් පාර්ලිමේන්තුවේ කාලය මුදල් නාස්ති නොකර එය නතර කරන්නැයි ඉල්ලා සිටින බවද අනුර දිසානායක මහතා කීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ දීර්ඝ දවසක් මේ පිළිබඳව සාකච්ඡා කොට කරුණු ඉදිරිපත් කර තීන්දුව ලබාදී ඇතැයි ද දිසානායක මහතා සඳහන් කළේය.

 



අදහස් (11)

‘ආර්ථික ඝාතක හොයන තේරීම් කාරක සභාව වහලා දාන්න’

රංබොඉ Friday, 17 November 2023 10:31 AM

ආර්ථික ඝාතක කියන කුලකයෙන් ජ.වි.පෙ. ට ගැලවෙන්නත් බෑ.. 80 දශකය අග රටට කළහානි කොපමණද? වර්ථමානයේ විශ්ව විද්‍යාලය තුළ කරන අකටයුතු, එක එක වෘත්තිය සංගම් හදාගෙන වැඩ වර්ජනවලින් කරන හානි. මේ සේරම ආර්ථික ඝාතන තමයි. දැන් අනුන්ට ඇඟිල්ල දික් කරනවා.

:       35       4

Aravinda MonarawilaFriday, 17 November 2023 12:13 PM

ඔයා ගණන් හදලා කියනවද ජවිපයෙන් රටේ ආර්ථිකයට වුණු හානියයි, ලාභයයි දෙකම. ඒ වගේම රනිල්, මහින්ද, ගෝඨාභය ඇතුලු කල්ලියෙන් වෙලා තියෙන හානියයි, ලාභයයි...

:       5       20

Bamunuarachchi Friday, 17 November 2023 05:03 PM

JVP පාහරයෝ රටට කළ ආර්ථික ඝාතනය ගණන් හදන්න බැහැ. ඒක ගණන් බලන්න බංගලාදේශය ලබපු දියුණුවෙන්. පාහර ජෙප්පෝ මෙරටින් පන්නපු විදේශීය ආයෝජකයෝ, කර්මාන්ත කරුවෝ ව්‍යාපාරිකයෝ තමයි බංගලාදේශයට ඔවුන්ගේ කර්මාන්ත ගෙන ගියේ... ඒ කර්මාන්ත කඩාකප්පල් කරන්න පාහර ජෙප්පෝ කරපු වර්ජන, තර්ජන වලට අමතරව ඒ කර්මාන්ත හිමිකරුවන් ඒ කර්මාන්තශාලා තුළම ඝාතනය කළා. ඊට සමගාමීව JVP නායකයත් හීන් කෙඳිරියක් සමග ගිනිගොඩට ගියා... ඔය පාහරයින් 1971 කේ රට ගිනි තිබ්බා 1989රට ගිනිතිබ්බා 2022 රට ගිනි තිබ්බා. දැන් ජෙප්පන්ට හෙන වදින්න පටන් අරන්...!

:       6       7

මොරිස් රණසිංහ Friday, 17 November 2023 12:36 PM

රම්බොයියො නුඹ ළදරුවෙක්ද කියලා හිතෙනවා මොකද 1971.04.05 දින ආරම්භ කර සිරිමාවෝ මැතිණිය එකල විපක්ෂයේ සහාය ඇතිව මර්දනය කල කැරැල්ල කාලයේ තිස්දාහක් පමණ තරුණ පිරිසක් රටට අහිමිවුනා තේ කම්හල් රාශියක් විනාශ කලා ඒ ගැන කිව්වෙ ඒ කාලයේ අපේ අමුදලු ලබා දුන්නු තේ කම්හල විනාශ කර අපිට ජීවිතය ගෙන යන්න අපහසු වුන නිසා තමයි ඒ කාලයේ ආසන්න තොරතුරු මිස රටේ විවිධ ප්‍රදේශවල තොරතුරු ගන්න ක්‍රමයක් තිබුනෙ නැහැ හැම තැනම රේඩියෝ තිබුනෙත් නැහැ ඒ නිසා වැඩි විස්තරයක් කියන්න බැහැ

:       3       4

ලුම්බිණි Friday, 17 November 2023 12:04 PM

තේරුමක් තියෙන යෝජනාවක්...

:       3       18

සමන් Friday, 17 November 2023 01:05 PM

අනුර අයියේ, 1971 ඉඳලා මේ වෙනකම් ආණ්ඩු බලයක් ගන්න තරම් වත් උපායක් දන්නැති ඔයාලා කොහෙද මේ රට හදන්නේ...? ඔයාලා දන්නේ ට්‍රාන්ස්පෝමර් පුපුරවන්න..., බස් ගිනිතියන්න, මිනීමරන්න වගේ වැඩනේ...! .

:       24       6

Aravinda MonarawilaFriday, 17 November 2023 03:36 PM

ගන්න එපා... එතකොට හරකෙක් කියලා හිතයි.

:       2       1

Bamunuarachchi Sunday, 19 November 2023 09:09 AM

අනුර අයියේ? ඒ මොකක්ද? සමන් මල්ලි අනුර සහෝදර මචන් කියන්න.

:       0       0

සිල්වා Friday, 17 November 2023 01:44 PM

දැන් ආණ්ඩුවට කරන්න තියෙන්නේ අධිකරණ තීන්දුව අනුව මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමයි.

:       2       15

Dinesh Saturday, 18 November 2023 05:40 AM

අධිකරණ තීන්දුවක් දීලා තියෙද්දිත් ගොන් බයියන් කියන්නේ jvpය වැරැදියි කියලා.. මේ අය රටට සාපයක්...

:       0       0

Bamunuarachchi Sunday, 19 November 2023 12:38 AM

Dinesh ජෙප්පෝ අපේ මතයේ හැටියට අධිකරණ තීන්දුව ඒක පාක්ෂික්ව. තීන්දුව පැත්තකින් තියමු. රට අඝාධයට යාමේ මුලිකයෝ ඔය පාහර ජෙප්පෝ. ඔබ‍ට පුළුවන් නම් එය නැහැ කියන්න. ජෙප්පෝ ඔය ව්‍යසනය කරන කාලේ සමහර විට ඔබ ඉන්න ඇත්තේ තාත්තාගේ කොතන හරි. ඔවුන්ගේ ඒ ව්‍යවසනය නිසයි... ජනතාව JVP කියන කොටම තුහ් නොදකින් කියන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site