IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමට කරුණු ඇතැයි රහස් පොලීසිය කියයි


( නිමන්ති රණසිංහ)
 
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන  මහතා  ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට ලිපි සකස් කර ඇතැයි එම  දෙපාර්තමේන්තුව අද (19) කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  ලංකා ජයරත්න මහත්මිය හමුවේ ප්‍රකාශ කළේය.
 
හිටපු ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානිවරයා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බැවින්  අදාල ප්‍රකාශ ලබා ගැනීම සඳහා ලිපි  සකස්  කරමින් පවතින බව  ඔවුහු වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කළහ.
 
පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන යාමේ සිද්ධියට  සම්බන්ධ නඩුව අද (19) යළි අධිකරණය හමුවේ  කැඳවු  අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.



අදහස් (12)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමට කරුණු ඇතැයි රහස් පොලීසිය කියයි

Hafeel Friday, 19 October 2018 07:43 AM

ආපහු කැඳවීමට කලින් තවත් විදේශ සංචාරවල් තියනවද කියලා බලාගන්න. මේක ඕනෑතරම් ඇති ජනාධිපතිතුමාට තවත් විශේෂ කැබිනට් හමුවක් පවත්වා ආරක්ෂක අංශයට දොස් පවරන්න..

:       411       122

sam Friday, 19 October 2018 07:55 AM

නීතිය සැමටම සමානව ක්‍රියාත්මක කරනවා කියා බලය ලබාගත් තැනැත්තාම, තමාගේ පුද්ගලික දේශපාලන වාසිය වෙනුවෙන් බොරු ජාති මාමකත්වයක් පෙන්වීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵල මීළඟ ජනපතිවරණයේදී එතුමාට දැනගැනීමට ලැබෙනු ඇත.

:       492       452

Sapumal. Friday, 19 October 2018 07:56 AM

11 දෙනෙක් අතුරුදහන් කරවීම සුළුපටු කරුණක් නොවේ. නමුත් මෙතුමා යුද්ධය දිනවීම සඳහා විශේෂ මෙහෙයක් කල රණවිරුවෙක් බව ප්‍රසිද්ධ කරුණක්... එසේ වැරදි දේවල් කිරීමට මෙතුමාට යම් දේශපාලකයෙකු අණ හෝ උපදෙස් දුන්නේ නම්... ඔහු අල්ලා දඬුවම් කල යුතුයි.

:       472       626

ගල්කටස් Friday, 19 October 2018 08:34 AM

ජනාධිපතිතුමනි, දැන් නම් ඔබට ගේම දෙන්නයි යන්නේ... ඔබගේ මිතුරන් අමතක කර, පස මිතුරන් සමග එකතුව කන දීඝය නිසා ඔබව විනාශ කරන වග දැනෙන්නේ නැත්තේ මොකද මන්දා... දැන් ලංකාවේ නියම ජෝක්ස් පෙන්වනවා... තිර රචනය අගමැති. කථාව රාජිත. කැමරාකරණය රාජිත. සංගීතය චම්පික සුපිරි නලුවා පුජිත. ගොවි පුතා ඩිජිටල් රූපකරණය අවමංගල සහ සුපිරි කවටයන් අමරවීර, අනුරාධපුර බාබා සහ අප්පච්චි මලා ඔබ කාලය අවසන් ජනාධිපතිතුමනි දැන් ඔයාට කළ හැකි කිසිවක් නැත...

:       624       1255

DoratupalaFriday, 19 October 2018 03:30 PM

සම්පූර්ණ ඇත්ත...

:       1       6

laksman Friday, 19 October 2018 08:52 AM

පැරණි කියමනක් තියෙනවා කියන්නා කෙසේ තී වත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියලා. එ්නිසා යමෙක් නියෝග දුන්න පලියටම ක්‍රියාත්මක කිරීම නොකර පෙර සිටි නිළධාරීන් කටයුතු කල ආකාරයට එහි බැරෑරුම් තත්වය පහදා දීමට නිළධාරීන් ඥානවන්ත විය යුතුයි.....

:       58       136

V.warnakulasuriyaFriday, 19 October 2018 01:43 PM

ඔබේ අදහස නිවැරදියි. එහෙත් නියෝග දෙන්නා හිට්ලර් වගේ බලය භාවිතා කරන්නෙක් වුනොත් සිහිබුද්ධියෙන් අසන්නාට කුමන ඉරණමක් අත්වේද?

:       6       6

ලුම්බිණි Friday, 19 October 2018 09:44 AM

පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ නම් දඬුවම් විඳිය යුතුයි.

:       252       74

සතයපාල Friday, 19 October 2018 12:46 PM

රහස් පොලිසියේ මේ ගොන්පාර්ට් දැන්නම් අහලා දැකලා එපා වෙලා තියෙන්නේ. වැරදි කරලා තියනවා කියලා ඔප්පු කරන්න තරම් කරුණු තියෙනවා නම් අත් අඩංගුවට ගත යුතුයි. එහෙම කරුණු නැත්නම් නිකම් ඉන්න ඕනෑ. හැමදාම අධිකරණය ඉස්සරහට ඇවිල්ලා ආරක්ෂක මාණ්ඩලික නිලධාරියාව අත්අඩංගුවට ගන්න තරම් කරුණු තියනවා කියකියා ලතවෙනවා ඇරෙන්න කවදාකවත් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන පාටක් නම් නැහැ වගේ...

:       7       52

rohana Friday, 19 October 2018 02:14 PM

මේක 2015ට කලින් සිදුවීමක්... ඒ කාලේ හිටියේ සහෝදර සමාගම... එ්කට සම්බන්ධව අපේ දේශීය හිට්ලර් ඉන්න ඇති... මොකද ඒ කාලේ එයානේ ආරක්ෂක ලේකම්...

:       305       1

athula Friday, 19 October 2018 02:25 PM

ඔච්චර තෙපර බබා ඉන්නේ මොනවද අපරාධ කරපු අය සහ ඒ අයව ආරක්ෂා කරපු අයව දාන්න ඕනේ ඇතුළට අැයි බයද? එතකොට එම දරුවන්ගේ දෙමාපියෝ මනුස්සයෝ නොවේද? තිරිසනෙකුට වුණත් දරු දුක එකයි... ප්‍රශ්නය තියෙන්නේ එ්ක ඔවුන්ට කියාගන්න බැරි එක... මේවා අහස පොළව නුහුලන අපරාද හය හතර නොතේරන දරුවන් යුද්ධයට මුවාවෙලා පැහැරගෙන ගොස් මරාදමා කප්පම් ගන්න තරම් මුන් අමනුස්සයින් මේවා ඔය හොරගල් අහුලන්න ඕන ඒවා නොවේ...

:       53       4

Bandula. Monday, 22 October 2018 06:19 AM

වරදක් කලානම් තරාතිරම බලන්නේ නැහැ කියල නේ ආණ්ඩුව හැම වෙලේම කියන්නේ නේද! මේකත් තවත් බාලගිරිය අද නොවේ හෙට නොවේව.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වාසි බලාගෙන පුංචි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නෑ
2025 මැයි මස 10 1153 1

විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ


වැවට වැටුණු හෙළිකොප්ටරයේ ඉන්ධන ඉවත් කරන්න සැරසේ
2025 මැයි මස 10 979 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.


ඩෙංගු -චිකුන්ගුන්යා මඩින්න සෞඛ්‍ය බලධරයෝ රැස් වෙති
2025 මැයි මස 10 186 0

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී


ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 142 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 582 2

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 2053 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 572 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1381 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 353 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site