IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ආයුර්වේද දොස්තරලා දහ අට දාහක් හොර පාරේ වැඩ

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ )

ආයුර්වේද වෛද්‍යවරුන් 18516ක් සිය ලියාපදිංචිය අලුත් කිරීම පැහැර හැර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

සෑම ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයකුම වසර පහකට වරක් සිය ලියාපදිංචි අලුත් කර ගත යුතු නමුත් ආයුර්වේද වෛද්‍ය සභාව ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් හඳුනාගෙන ක්‍රියාත්මක කර නැතැයිද එම වාර්තාවේ දැක්වේ.

මේ අතර පසුගිය වර්ෂයේ දී සහ  සහ  2021 වර්ෂයේදී ලියාපදිංචිය  අලුත් කළ යුතු වෛද්‍යවරුන් 430 කට අදාල අලුත් කිරීමේ ගාස්තු ලෙස 795600 ක මුදලක්  ආයුර්වේද වෛද්‍ය සභාව ගණනය කර තිබූ නමුත් එම ආදායම් එකතු කර ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ලියාපදිංචි වෛද්‍යවරුන් 26650 න් 3827 මියගොස් ඇති බවට වාර්තා කර තිබූ නමුත් එම මියගිය පාරම්පරික වෛද්‍යවරුන් පිළිබඳව නිවැරදි තොරතුරු යාවත්කාලීනව ලබාගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබූ බව පවසන එම කාර්යාලය මියගිය වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අවලංගු කර ඒ පිළිබඳව මහජනතාවට නිවේදනය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබූ බැවින් අදාල ලියාපදිංචි සහතික අවභාවිතා කිරීමේ ඉඩකඩක් පවතින බව නිරීක්ෂණයවී යැයිද සඳහන් කළේය.

මේ තොරතුරු සඳහන් වන්නේ  ආයුර්වේද  වෛද්‍ය සභාවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (10)

ආයුර්වේද දොස්තරලා දහ අට දාහක් හොර පාරේ වැඩ

de silva Saturday, 25 November 2023 03:28 PM

බදු සහ බලපත්‍ර ගාස්තු මගින් රජයට ලැබිය යුතු විශාල බදු ප්‍රමාණයක් අහිමි වන්නේ, රජයේ නිලධාරීන් විසින් පසුගිය දශක දෙක තුළ, රජයේ ක්‍රියාපටිපාටිය අනවශ්‍ය ලෙස සංකීරණ කිරීම නිසායි... මම දන්නා විදිහට මෙම ගාස්තුව ආසන්නව ඇති බැංකුවකට ගෙවිය නොහැක. ගෙවීමට ප්‍රථම විවිධ ලිපි ලේඛන පුරවා, කොළඹ ඇවිත් කාර්යාලවල රස්තියාදු වීමට සිදු වී ඇත. පසුගිය කාලයේ බලධාරීන් විසින් දිගින් දිගටම විව්ධාකාර ඩිගිටල් කාර්ඩ්, detabase කියමින් විවිධාකාර සේවා සඳහා සංකීර්ණ ක්‍රම ඉදිරිපත් කිරීම සිදු කර ඇත... එම නිසා ජනතාවට මෙම සේවා සඳහා වැඩි මුදලක් ගෙවීමටත් අනවශ්‍ය රස්තියාදුවක් විඳීමටත්, වැඩිපුර පගාව දීමට සිදුවී ඇත.. මේ වගේ ප්‍රතිඵලය වන්නේ මිනිස්සු මේ කිසිම බලපත්‍රයක් ලබා නොගැනීමට කටයුතු කිරීමය. කරුණාකර රාජ්‍ය සේවය සරල කරන්න...

:       0       14

sarath Saturday, 25 November 2023 05:40 PM

ආයුර්වේද වෛද්‍යවරු හොරපාරෙන් වැඩ කරනවා කියලා ලියන්න එපා... ඒක ඒ ගොල්ලන්ට කරන අගෞරවයක්, පාරම්පරිකව පැවත එන බොහෝ වෙද මහත්වරු, රෝගීන්ගෙන් මුදල් අයකරන්නේ නැහැ, ඔවුන්ට විශාල ආදායමක් නැහැ, කරුණාකර ලංකාවේ ආයුර්වේද වෙදකම දියුණු කරන්න නම් මෙවැනි ලියාපදිංචි ගාස්තු වැනි දේවල් අහෝසිකර දමන්න. එහෙම නොමැති නම් සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ ලිපිනයට ලියාපදිංචිය අලුත්කිරීමට අදාල අයදුම්පත්‍ර තැපෑලෙන් එවන්න. ගාස්තුව රජයේ බැංකු ශාඛාවකට ගෙවන්න පුළුවන් ආකාරයට, කාර්යාලවල බඩගාන්න ගියාම මුදල් නස්තිවෙනවා ගාස්තුවට වැඩිය.. ඇමැතිලා ධම්මික පැණි පස්සේ දුවනවා මෙවැනි දේවල් ගැන සොයලා බලන්නේ නැහැ...!

:       2       9

sisilSaturday, 25 November 2023 06:40 PM

පාරම්පරිකව පැවත එන බොහෝ වෙද මහත්වරු, රෝගීන්ගෙන් මුදල් අයකරන්නේ නැහැ... ඔවුන්ට විශාල ආදායමක් නැහැ. කරුණාකර ලංකාවේ ආයුර්වේද වෙදකම දියුණු කරන්න නම් මෙවැනි ලියාපදිංචි ගාස්තු වැනි දේවල් අහෝසිකර නොදැමිය යුතුවේ. අසනීපයකට බෙහෙත් ගැනීමේ සිට සියල්ල නොමිලයේ බලාපොරොත්තු වන පුරවැසියන් සිටින්නා වූ රටක් දියුණුවේද? පාරම්පරිකව පැවත එන බොහෝ වෙද මහත්වරු, රෝගීන්ගෙන් මුදල් අයකළත් නොකළත් ඔවුන් මුදල් ගෙවා ලියාපදිංචි වී සිටිය යුතුවේ. රෝගීන්ගෙන් මුදල් ලබාගැනීම නොගැනීම ඔවුන්ගේ තීරණයකි.

:       1       4

sarath Saturday, 25 November 2023 05:53 PM

සිල්වා මහත්මයා කියන කතාව හරි, ලංකාවේ රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස ඉලෙක්ට්‍රොනික් කරණය කරන්න එපා... ලංකාවේ හැමදෙනාටම කොම්පියුටර් හෝ ස්මර්ට්ෆෝන් නැහැ... තිබුණත් ඕකෙන් කතා කරනවා හැරෙන්න QR කෝර්ඩ් හෝ App ගැන හෝ ජනතාවගෙන් 70% දැනුමක් නැහැ... ස්මාර්ට් ෆෝන් එකේ, ඉංග්‍රීසියෙන් තියන දෙයක් කියවලා තේරුම් ගන්න ජනතාවගෙන් 85%කට බැහැ. අද මේවා ඩිජිටල් කරපු නිසා රියදුරු බලපත්‍ර කියලා කොළ කැබලි සාක්කුවේ දමාගෙන අපි දුක් විඳිනවා.. 90 දශකයේ අපි මෙහෙම දුක් වින්දේ නැහැ... කාර්ඩ් එක සාක්කුවේ දමාගෙන ගිය, හැඳුනුම්පත්, විදේශ ගමන්බලපත් ගැනත් කියන්න තිබෙන්නේ මේකම තමයි... මෙවැනි සංකීර්ණ දේවල් නිසා අද බොහෝ දෙනෙක් බලපත්‍ර මුදල් වැනි දේවල් නොගෙවා නිලධාරියාට කීයක් හෝ දීලා මාරුවෙලා යනවා.... රජයට මුදල් ලැබෙන්නේ නැහැ...

:       1       6

AB Saturday, 25 November 2023 06:14 PM

ආයුර්වේද දොස්තරලා දහ අට දාහක් හොර පාරේ වැඩ පමණක් නොවේ මේ ප්‍රකශය තුළම ආයුර්වේද වෛද්‍ය සභාව ක්‍රමවේදයක්, විනිවිද භාවයක් නොමැතිව පාලනය වන ආයතනයක් බව පැහැදිලි වේ. ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබා පිටවන අවස්ථාවේම ඔවුන් පිළිබඳ සියලු විස්තර ලබාගත හැකිවේ. සෑම ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයකුම වසර පහකට වරක් සිය ලියාපදිංචි අලුත් කර ගැනීමක් නොව වසරකට වරක් අලුත් කර ගැනීමක් කළයුතුවේ. වසර 5කදී අමතක වනවා වන්නට පුළුවනි. ආයුර්වේද වෛද්‍යවරුන් පවා රෝගීන් බැලීමට අධික මුදලක් අයකරයි. පළමුව රජය විසින් ගැඹුරින් අධ්‍යයනය කර සෑම ආයුර්වේද වෛද්‍යවරයකු (පුද්ගලිකව කරන්නා වූ) රෝගීන් බැලීම සඳහාම රජය මිලක් (්ව‍සරකට රුපියල් පන්දහසක් පමණ) නියම කළයුතු වේ. එය පළමුව කළහැකි සහ කළයුතු කටයුත්තකි. රජයේ ආයුර්වේද වෛද්‍ය සභාව ලියාපදිංචි වීමෙන් පසු ලබාදෙන්නා වූ අංකය ඇතුළු විස්තර සහතිකය ඔහුගේ ආයතනයේ මහජනතාවට දැකීමට තබා තිබිය යුතුවේ. එම සහතිකයේ පැහැදිලිවම ලියාපදිංචි වසර තිබිය යුතුම වේ. එම සහතිකය නොමැති වෛද්‍යවරුන් රෝගීන්ට බෙහෙත් නියම කිරීම තහනමකට ලක්කළ යුතුවේ...

:       0       2

sam Saturday, 25 November 2023 06:16 PM

ආයුර්වේද වෛද්‍යවරුන් පමණක් නොව ජෝතිෂ්‍ය වේදීන් කරනුයේ රැකියාවකි. ඔවුන්ද රජයේ ලියාපදිංචි කර මිනිසුන්ගෙන් අධික මුදල් අයකරන්නා වූ නිසා ඔවුන්ගෙන් පවා වසරකට රුපියල් 50.000ක් පමණ අය කළ යුතුවේ. ඔවුන්ගේ සේවය සඳහාද මිලක් නියම කළයුතු වේ..!

:       1       2

nimal Saturday, 25 November 2023 06:25 PM

ආදායම් ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති පරිපාලනයක් සහිත ආයුර්වේද වෛද්‍ය සභාවේ සේවකයින්ට වැටුප් වැඩිවීම් ලබාදීමට නොහැක. අදායම් ලබාදෙන්නා වූ ආයතන වෙත පළමුව වැටුප් වැඩිකිරීම ලබාදෙන්නේ නම් එසේ ලබාදී මුදල් ඉතිරි වුවහොත් වැටුප් වැඩිවීම් ලබාදේවි...!

:       1       1

Bamunuarachchi Saturday, 25 November 2023 09:27 PM

අනේ දුප්පත් වෙදමහත්වරු පස්සේ දුවන්න එපා. ඔවුන් බදු ගෙවිල්ල ගැන චෝදනා කරන්නේ නැහැ මොකද බදු ගෙවන්න තරම් වත් ආදායමක්‌ නොලැබෙන නිසා. දවසට ලක්ෂය පන්නා හම්බ කරන දොස්තරලා ඉන්නවා ඔවුන් තමයි බදු වැඩි කියලා මොරදෙන්නේ. මම දන්න දොස්තරයක් ඉන්නවා ඉස්පිරිතාල බිලේ සටහන් වෙන්නේ දොස්තර චාජස් nil කියලා හැබැයි charges දාල වෙනම තුණ්ඩුවක් ලෙඩාට එනවා.

:       0       0

City Sunday, 26 November 2023 06:35 AM

ඔබ ඔබේ වෘත්තියට අවංක විය යුතුය.

:       0       0

sarath Sunday, 26 November 2023 02:50 PM

ලංකාවේ අවශ්‍ය පමණට වැඩිය තුන්ගුණයක් රජයේ සේවකයෝ සිටියාට, පරිගණක පද්දති , නවීන ගොඩනැගිලි , වාහන පහසුකම් වැනි දේ තිබුනත් බහුතරයක් දෙපාර්තමේන්තුවලින් වැඩක් කරගන්න ගියහම 80 , 90 දශකයන් සමග සන්සන්ධනය කරන කොට ගතවෙන කාලයට වැඩිය දෙතුන් ගුණයක් කාලය ගතවෙන බවත් අධික ගාස්තු ගෙවීමට සිදුවෙලා තිබෙන බවත් නිරීක්ෂණය වෙනවා , සභාවේ ලියාපදිංචි වෙලා සිටින වේදමහත්වරුන්ට සහ මහත්මීන්ට , පිරවීමට අවශ්‍ය පෝරමය සහ බිල්පත තැපෑලෙන් යැවුවා නම් මේ ප්‍රශ්නේ විසදෙනවා , මේ සදහා සේවකයන් යෙදවීම සහ ක්‍රමවේද සකස් කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් , ආයතන ප්‍රධානින් වගකීම ඉටු කරලා නොමැතිනම් ඔවුන්ට දඩුවම් කිරීම ඇමතිගේ කාර්යභාරයක් , අකාර්යක්ෂම සහ දුෂිත රජයේ සේවකයන් නිසා ,ජනතාව විශාල කාලයක් වැය කරනවා රජයේ කාර්යාල වල , එහෙම කරනකොට රටේ ආර්ථිකය දියුණු වෙන්නේ නැහැ , රටේ මිනිස්සු ඉල්ලන" සිස්ටම් චේන්ජ්" එක මේක

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site