
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය සේවයේ වියදම් අවම කරගැනීම සඳහා ආයුර්වේද නිෂ්පාදන, ඖෂධ සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.
පාරම්පරික වෛද්‍යවරුන්ට බලපාන ගැටලු විසඳා ගැනීම සහ දේශීය වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ කාර්යංශයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයින් සහ එම ක්ෂේත්‍රයේ නිරත සියලුම නිෂ්පාදකයින්ට “ජනාධිපති රන් සම්මාන” ලබාදීමේ වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කෙරෙමින් තිබෙන අතර ඉදිරි මාස කිහිපය ඇතුලත එය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආයුර්වේද ඖෂධ වැට් බද්දෙන් ඉවතට
ගජන් අයියා Thursday, 04 January 2024 05:12 PM
ඇමැතිතුමා 2023 වර්ෂය වෙනුවෙන් 2022 අයවැය මගින් යෝජනා කළ කංසා වගාවට මොකෝ වුණේ...? ඒක තවමත් තහනම් ද්‍රව්‍යයක්ද අහන්න කැමැතියි ජනාධිපති රන් සම්මාන දීමත් එසේ නොවේවා ඔය බෙහෙත් හදනකොට ඒවායේ ප්‍රමිතිය බලන්න මොකද සාමාන්‍යයෙන් තලතෙල් වලට වතුර වැටුණාම කිරිපාට වෙනවා... ඒත් ලංකාවෙ එක් කොම්පැනියක එහෙම වෙන්නේ නැහැ අපි පාසලේදී උගත් දේවල් වරදින්න බැහැ තවත් දෙයක් මීපැණි කියලා දෙන්නේ සීනි වලින් හදා එවන දේවල් කියන්න පුළුවන් නිසි ප්‍රමිතියකින් හදන දේවල් සඳහා සම්මාන දුන්නාට වරදක් නැහැ. ඒත් නගරවල සිංහල බෙහෙත් කඩ තියෙනවා. අපි ඉල්ලන බෙහෙත් නැහැ ඒත් රැවුල වවාගත් තරුණ පිරිස් සඳහා ඒවායේ මොනවාද නොදන්නා බෙහෙත් ඇති කියලා හිතෙනවා..!
චන්දන Thursday, 04 January 2024 06:02 PM
එහෙනම් ගංජා මිල වැඩි කරන්නේ නැහැ නේද...?