
(සුජිත් හේවාජුලිගේ)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විස්සක පමණ රුපියල් කෝටි ගණනක වියදමින් ස්ථාපනය කරනු ලැබ ඇති දත්ත පද්ධති මේ වනවිට ආකර්මණ්‍ය තත්වයේ පවතින බව විගණන වාර්තාවලින් හෙළිවී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අගියවන්න මහතා පවසන්නේ රුපියල් කෝටි 1700 කින් ස්ථාපනය කරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියද මේ වනවිට ක්‍රියාත්මක නැති බවයි.
බොහෝ රාජ්‍ය ආයතනවල දත්ත පද්ධතිවලින් වැඩක් වී නැතැයිද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය ආයතනය කාර්යක්ෂම කිරීම සහ ආදායම වැඩිකර ගැනීම සඳහා ඩිඩිජල්කරණය ඉතා වැදගත් වුවත් ඒවා විධිමත් ආකාරයට ක්‍රියාත්මක කළ යුතු බවද අලගියවන්න මහතා පෙන්වා දුන්නේය.
බොහෝ ආයතන වල දත්ත පද්ධති අකර්මන්‍ය වීමෙන් ජනතා සේවයට බාධා මතුව ඇති බව විගණන වාර්තා පෙන්වා දෙයි.
COMMENTS
මැකිලා නෙවෙයි මකලා, හොර වැඩ අහුවෙනවාට..
රජය මේ ගැනත් අවදානය යොමුකළ යුතුයි. මොකක් ගැනද? දැන් හුඟක් රජයේ ආයතනවල ඉහළ තනතුරු දරන අය ගොඩක් දෙනෙක් USJ, කැලණිය පාස් අවුට් වුණා... JVP, පෙරටුගාමී අය ඉන්නේ...
දත්ත මැකිලා කියන්නේ එකක් දත්ත පද්ධති අකර්මණ්‍ය වෙලා කියන්නේ වෙන එකක්, ඒ දෙක පටලවා ගන්න එපා. ඕකට බොහෝ දුරට හේතුවෙලා ඇත්තේ දේශපාලන මැදිහත්වීම් මත රටෙත් පවතින්නේ නැති හොර ආයතන හරහා රාජ්‍ය ආයතනවල දත්ත ගබඩා පද්ධති ස්ථාපනය කර ගැනීම විය යුතුයි. අවසානයේ නඩත්තු හා යාවත්කාලීන කිරීමේ කටයුතුවල ආයතනය සොයා ගන්න බැරි වෙන විට දත්ත පද්ධති අකර්මණ්‍ය වීම සිදුවේ.
දත්ත මැකිලා නෙවෙයි මකලා. මැකිලා කියලා කියනවා නම් ලංකාවේ සිස්ටම් හැක්වෙලා කියන එකයි.
එක්කෝ උවමනාවෙන්ම මකලා. එහෙමත් නැත්තම් කොමිස්වලට, ඩීල්වලට යටවෙලා කිසිම තත්වයක්, ප්‍රමිතියක් නැති, බොහොම බාල තත්වයේ, අබලන් පද්ධති ස්ථාපනය කරලා. විෂය පිළිබඳ දැනුම අවම නිසා රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණ අංශයන්ගේ සිදුවන දූෂණ කියන දේ ගැන ගොඩක් දෙනෙක්ට අවබෝධයක් නෑ.
මෙතන දෙන්නෙක් නිකං ජවිපෙට බැනලා හිත හදාගන්නවා. මේ අය දන්නේ නැහැ පරිගණක මෘදුකාංග ගන්නා ක්‍රමය සහ නඩත්තු ව ගැන. ඕවා කරන්නේ තමුන්ලා පත්කර ගත් මල් වට්ටිම තමයි...
ප්‍රභාත්, අර වෛද්‍ය සැපයුම් ආයතනේ දත්ත මැකුවේ ඔය කියන අයද? නොදන්නා දේ ගැන කතාකරලා තමන් රටේ දේවල් ගැන තියෙන දැනීම අන් අයට පෙනේවි. හැම එකටම ජවිපේ ඇතුලු අය අල්ලන්නේ නැතිව තමුන් පත්කරලා යවපු අය ගැනත් හොයන්න...
මේ රටේ තරම් මහජන දේපල විනාශ කරන අය සහ වගවීම ගැන කිසිත් නොදන්නා නිලධාරීන් සිටින රටක්. ලොවෙත් නැත. වරදට දඬුවම නැති කළ මෙවන් දෑ සිදුවේ...!
ප්‍රභාත් හා පී එම් මහතුන් නිවැරැදියි. මා රැකියාව කරන පෞද්ගලික ආයතනය ඔය කියන කාලකණ්ණි රැකියා සඳහා බඳවා ගන්නේ නැහැ.
මමත් ලොකු කම්පැණියක දත්ත පද්ධති බාරව හිටියේ. දිනපතා, මාසිකව බැකප් ගන්න ඕනේ. මාස 03කට සැරයක් වත් සිස්ටම් බැකප් එකක් ගන්න ඕනේ. යම් දත්ත නැති වීමක් වුණොත් මම වගකියන්න ඕනෑ. අදටත් වසර 25ක පැරැණි දත්ත තියෙනවා ඕන වෙලාවක ගන්න.
ලෝකයෙන්ම දූෂිතම රට ශ්‍රී ලංකාව...
සමන් විමල්, ඔයා වැඩ කරන ආයතනයේ ලොක්කන්ට පුළුවන්ද මුහුණ බලලා දේශපාලනය කියන්න. මරුනේ ඔයා හොරකම් එහෙම කරන්න එපා. මොකද ජවිපෙට බනින බොහෝ අය සොරු හෝ සොරු රකින අය, මොකද ලංකාවේ වෙච්චි විශාලතම වංචාව මහ බැංකු වංචාව.. හෙලි කලේ ජවිපෙ, ඒක කලේ අද ජාතිය ගලවාගන්නා වගේ කයිවාරු ගහන රනිල්. ඔයාගේ ආයතනයේ ලොක්කන්ට කියන්න අර්ජුන් මහේන්ද්‍ර ඉන්න තැන හොයලා කියන්න...
මේ දත්ත පද්ධති ස්ථාපනය කරන කොට උපදෙස් ගත්ත උපදේශකයෝ ගැන ඉස්සෙල්ලාම හොයන්න ඕනේ...