(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආබාධිත  සංචාරකයන් ලක්ෂ 10ක් වත් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලංකාවේ ප්‍රධාන සංචාරක ස්ථාන 50 ක් වත් ආබාධිතයන්ට පිවිසිය හැකි පරිදි සකස් කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ලංකාව පුරා ප්‍රධාන සිද්ධස්ථාන වලට ආබාධිත පිවිසුම් ඉදි කොට ලෝකයට ප්‍රචාරයක් ගෙන යා යුතුව තිබෙන බවද සඳහන් කළේය.

සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන ආබාධිත ප්‍රඥප්තියක් ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.