IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආබාධ සහිත ප්‍රජාවගේ අයීතින් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සභාපතිත්වය ලංකාවට

(ආරියරත්න රණබාහු)


ලබන 2025 සහ 2026 වසර වල පැවැත්වීමට නියමිත ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර  සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ

එය  එම සමුළු මාලාවේ 18 සහ 19 වැනි ජාත්‍යන්තර සමුළුවන අතර එහි 17 වන සමුළුව  පසුගියදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී පැවැත්විණි .

ඒ සඳහා රටවල් 184 නියෝජිතයින් සහභාගිව් ඇති අතර ශ්‍රීලංකාව නියෝජනය කරමින් ආබාධ සහිත ප්‍රජාව අන්තර්කරණය සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එක්සත් ජාතීන්ගේ ‍ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත මොහාන් පිරිස් නියෝජ්‍ය තානාපති සුභීස්වර  ගුණරත්න යන මහත්වරු  ඊට ඇතුළත් වූහ.

එම සමුළුවෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ අලහප්පෙරූ මහතා කියා සිටියේ ලබන වසරේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළු සඳහා සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවීම ශිෂ්ඨ සම්පන්න රාජ්‍යයක් ලෙස අප රට හිමිවූ විශිෂ්ට ගෞරවයක් බවය.

ආබාධයන්ට ලක්වූ ප්‍රජාවගේ හඬට   ලෝක මට්ටමේ අවධානයක් ගෙන දෙන හා  ආබාධිත ප්‍රජාවට සමානාත්මතාවය ඇති කිරීම හා ඔවුන්ව බලගැන්වීමේ අරමුණෙන් පැවති මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ආබාධ සහිත සහෝදර ජනතාවගේ නිහඬ හඬ  බිලියන 8ක් වූ මානව වර්ගයා වෙත සන්නිවේදනය කිරීමට තමන්ට හැකි වීම තමා ලැබූ භාග්‍යයක් බවද ඒ මහතා කිය.

ඒ සඳහා විවිධ සහයෝගය ලබා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ අමාත්‍ය අලි සබි යන මහත්වරු ඇතුළු සියලු දෙනාටම ස්තූතිය පළ කරන බව ද අලහප්පෙරුම මහතා කීය .

 



අදහස් (1)

ආබාධ සහිත ප්‍රජාවගේ අයීතින් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සභාපතිත්වය ලංකාවට

abeygunasekarasampath95 Tuesday, 18 June 2024 09:26 PM

දැන් නම් නියම රස්සාවල් ලැබිලා තියෙනයවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site