IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ආප්පයත් ගණන් උස්සයි

(ශිරාන් රණසිංහ)


ගෑස් මිල, පිටි මිල හා අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් ඉහළයාම නිසා ආප්පයක මිල රුපියල් 15 දක්වා වැඩි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.


මෙතෙක් කලක් ආප්පයක මිල රුපියල් 10,12 ආදී මිල ගණන් යටතේ අළෙවි වූ බවත් ගෑස් මිල ඇතුළු පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා ආප්පයක මිල රුපියල් 15 දක්වා වැඩි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ  සභාපති අසේල සම්පත් මහතා පැවසීය.


ඇතැම් ආපනශාලා හිමියන් ප්ලේන්ටි, කිරි තේ හා බත් පාර්සලයක මිල ගණන් ඔවුනට සිතෙන පරිදි සකසා ගන්නා බවත් ඒ පිළිබඳව සොයා බැලීමට සිටින පාරිභෝගික අධිකාරිය නිහඬව සිටීමට කනගාටුවට කරුණක් යැයි ද හෙතෙම සඳහන් කළේය.


මේ වන විට ප්ලේන්ටියක මිල රුපියල් 20ක් ද, කිරි තේ එකක මිල රුපියල් 40ක් ද, මාළු බත් පාර්සලයක මිල රුපියල් 140ක් ද වී ඇතැයි හෙතෙම පැවසීය.


මෙම ආහාර පානවල ප්‍රමිතිය හා අඩංගු විය යුතු පෝෂ්‍ය පදාර්ථ පිළිබඳ දොයා නොබලන පාරිභෝගික අධිකාරිය සහ පාරිභෝගික හා වෙළඳ කටයුතු ඇමතිවරයා ද පාරිභෝගිකයින්ගේ නාමයෙන් ඉල්ලා අස්වී සුදුසු අයට මේ වගකීම් බාරදිය යුතු බව ද අසේල සම්පත් මහතා කියා සිටියේය.



අදහස් (16)

ආප්පයත් ගණන් උස්සයි

vipula Friday, 28 September 2018 08:37 AM

රට කාපු ආහාරයක් තමයි...

:       527       736

Wade mudalaaliSaturday, 29 September 2018 12:34 AM

පැරිස් බදාම ගණන් ගිහින්ද?

:       0       1

ලුම්බිණි Friday, 28 September 2018 09:02 AM

ප්ලේන්ටියක මිල රුපියල් 20ක් නම් ආප්ප මිල තව වැඩිවිය යුතුයි.

:       7       13

Bamunuarachchi Friday, 28 September 2018 09:18 AM

ආප්ප කෑවොත් රට විනාශයි අපිත් විනාශයි එමනිසා කඩෙන් කන්නත් එපා.

:       8       247

Raveendra Friday, 28 September 2018 09:25 AM

සත්තකින්ම ආප්ප වල මිල අනන්තය දක්වා ඉහළ ගියත් ගැටළුවක් නොමැත මක්නිසාදයත් ආප්ප කෑ සහ කන අය නිසා අපගේ මාතෘ බුමිය දිනෙන් දින ඉතාම අවාසනාවන්ත ලෙස විනාශ මුඛයට පත්වෙමින් තිබෙන බව කනගාටු වන්නෙමු. තවද එම අය යහමින් බටදැල්ලද පිනටම යහමින් ගිලදමමින් සිටින්නේය.

:       18       88

lakmal Friday, 28 September 2018 10:12 AM

මහජනයාට මෙයට දිය හැකි හොඳම ප්‍රතිචාරය නම් කඩවලින් කෑම ගැනීම අවම කිරීමයි මා සිතන්නේ... කැරපොත්තන් සහ මීයන්ගෙන් ගහන ලංකාවේ හෝටල් වලින් කෑම නොගැනීම කාගේත් ඇඟට ගුණ බවයි.

:       0       100

පිටිගල මිලානෝ Friday, 28 September 2018 10:34 AM

තමන්ගේ ගෙදර එළවළු, පලා ටිකක් වවා ගන්නේ නැතුව, කුඹුරක් නැත්නම් ගමකට ගිය වෙලාවක හරි කුඹුරු ගොවියෙක්ගෙන් ඉස්තරම් හාල් පොල් ටිකක්, හකුරු ටිකක් මිල දී නොගන්නා කඩෙන්ම කිරකිරා ගෙනත් කන අයට සහ ෆාස්ට් ෆුඩ් කාරයින්ට මේවා හොඳ පාඩම්... බෝතලේට සියලු සේසත යට කරන අපේ රටේ මිනිස්සු ගැන කවර කතාද?

:       64       30

SATHYAPALA Friday, 28 September 2018 11:26 AM

රුපියල් දහයට ආප්ප විකුණපු කඩ දහයක් කොළඹින් හොයලා කියන්න පුළුවන්ද?

:       0       10

kamal Friday, 28 September 2018 12:22 PM

අසේල සම්පත්ට එක ආපනශාලාවක්වත් නැත. ටෙලි නාට්‍යවල ටී බෝයි කෙනෙක් ..

:       0       0

Janahitha Friday, 28 September 2018 03:27 PM

මම හිතාගෙන උන්නේ මිනිස්සු ආප්ප කෑම අත්හැරලා හුඟක් කල් කියලයි.

:       0       4

Janahitha Friday, 28 September 2018 03:27 PM

මම හිතාගෙන උන්නේ මිනිස්සු ආප්ප කෑම අත් හැරලා හුඟාක් කල් කියලයි.

:       0       4

Podi kade mudalaaliSaturday, 29 September 2018 06:09 AM

ඉස්සර ආප්ප හැදුවේ උඩිනුත් ගින්දර, යටිනුත් ගින්දර, ඒ මැද සුන්දර කියලා හාල් පිටි, පොල්කිරි, රා මණ්ඩි දාලා හදන ඒවා නේද? දැන් ආප්ප නම් හැදෙන්නේ ගෑස් ලිපේනේ...

:       1       1

dhamneth Saturday, 29 September 2018 01:19 AM

ආප්පයකට රු.5ක් වැඩිකළොත් ගෑස් සිලින්ඩරයට වැඩිකළ රු.195 පැය කීපයකින් සොයාගන්න පුළුවන්... මේක කොයිතරම් අසාධාරණද? ජනතාව උද්ඝෝෂණ හා වර්ජන කළයුත්තේ මේ වගේ අසාධාරණවලටයි. මම නම් මින් ඉදිරියට ආප්ප මිලදීගන්නේ නැහැ. මුදල් නැතිකම නොවෙයි, මෙහෙම අයුතු ලාභ ලබාගැනීම හරිම අසාධාරණයි. වැඩිකළ රු.195 ලබාගැනීමට විකිණිය යුත්තේ ආප්ප 39යි..

:       0       2

PodimanikeMonday, 01 October 2018 01:48 AM

දර ලිපේ ආප්ප විකුණන තැනකින් ගන්න.

:       0       0

OMG Saturday, 29 September 2018 04:54 AM

මේ මේ ජනාධිපතිට ඇහෙන්න කියන්න එපා. කජු කතාව වගේ ආප්ප කතාවත් දැන ගත්තොත් හොඳටම කේන්ති යයි.

:       0       3

Bamunuarachchi Monday, 01 October 2018 06:38 AM

"ආප්පයකට රු.5ක් වැඩිකළොත් ගෑස් සිලින්ඩරයට වැඩිකළ රු.195 පැය කීපයකින් සොයාගන්න පුළුවන්... " අම්මාද බෝල ඒ කොහොමද? කොල්ලෝ ආප්පයක් රුපියල් 15 කියලා බෝඩ් එකේ දාල කඩේ වහපන් පැය කීපයකට ගෑස් වලට ගිය රු 195 හම්බුවෙනවද කියලා බලන්න. මුදලාලි පැය කීපයකින් බැහැ ආප්ප 33 වික්කොත් පුළුවන්. එහෙමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site