IMG-LOGO

ආනයන සීමා ලිහිල් කිරීම මහ බැංකුව වගකීමෙන් සිදුකළ යුතුයි

(ඩයනා උදයංගනී) 

ආනයන සීමා ලිහිල් කිරීම ඉතා වගකීමෙන් සහ ක්‍රමාණුකූලව සිදුකිරීමට මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය වගබලාගත යුතුයැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 

එසේ නොකර වක්කඩ කැඩුවාක් මෙන් ආනයන සීමා ලිහිල් කළහොත් යළිත් ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් මේ වන විට ආර්ථික අර්බුදය යහපත් අතට පත්වෙමින් තිබුණත් සුළු හෝ වරදකින් අළු යට ගිනි පුපුරු මෙන් එය යළි මතුවිය හැකි බව ශාන්ත බණ්ඩාර මහතා කීය. 

එබැවින් ආනයන සීමා ලිහිල් කිරීමේදී නිෂ්පාදන අමුද්‍රව්‍ය, අත්‍යාවශ්‍ය  ආහාර ද්‍රව්‍ය  ආදියට මිස වෙසක් කූඩු, සරුංගල් ආදියට අවසර නොදිය යුතු බව රාජ්‍ය  අමාත්‍යවරයා පැවසීය. 

නිලධාරීන් එවැනි වැරදි පියවර ගෙන යළිත් ගැටලුකාරී තත්වයක් මතු වුවහොත් ජනතාවගෙන් දොස් අහන්නට සිදුවන්නේ රජයට බව ද ඔහු සඳහන් කළේය. 

රාජ්යග අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාරම්මල ප්‍රෙද්ශයේ පැවති ජන හමුවක් අමතමිනි.

 



අදහස් (2)

ආනයන සීමා ලිහිල් කිරීම මහ බැංකුව වගකීමෙන් සිදුකළ යුතුයි

ravin Thursday, 06 April 2023 06:35 PM

මහ බැංකුවෙ නිලදාරින්ට ඔවුන්ගෙ වගකිම් හරිහැටි ඉටුකිරිමට ඉඩ නොදුන් නිසානේද දැන් ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ? මෙයාට ලකුනු කියක් දෙනවාඩ? තොත්ත බබාලා ටික.

:       0       0

Nimal Friday, 07 April 2023 11:27 AM

මෙයාට දුන්නා නම් හරි මහ බැංකුවේ අධිපතිකම... කරන හැටි බලන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 187 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 694 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1095 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site