IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආනයන භාණ්ඩ තවදුරටත් සීමා කරන්නැයි ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)

විදේශ විනිමය අර්බුදය ඉදිරි කාලයේ දී තවදුරටත් උග්‍ර විය හැකි බැවින්, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

මෙරට විදේශ සංචිතවලට වන බලපෑම ඉදිරි කාලයේ දී තවදුරටත් පීඩාකාරී වන බැවින්,මෙම ආනයන සීමා කිරීම කඩිනමින්ම කළ යුතු බවද මහ බැංකුව දන්වා තිබේ.

ඉන්ධන ,ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට ඩොලර් අවශ්‍ය බැවින්,අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය දැඩි ලෙස සීමා කරන ලෙස මහ බැංකුව දැනුම් දී ඇත.

ඒ අනුව , මහ බැංකුව ආනයනය සීමා කළ යුතු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග ලැයිස්තු තුනක් මුදල් අමාත්‍යාංශයට ද යවා ඇති අතර, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග දෙදහස් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ඊට ඇතුළත් වන බව ද වාර්තා වේ. මේ අතර ,විවෘත ගිණුම් ක්‍රමය සහ භාණ්ඩ විකිණීමෙන් පසුව මුදල් ගෙවීමේ පදනම යන ගෙවීම් ක්‍රම යටතේ භාණ්ඩ ආනයනය තාවකාලිකව තහනම් කරන ලෙසද මහ බැංකුව මුදල් අමාත්‍යංශයට දැනුම් දී ඇත.



අදහස් (7)

ආනයන භාණ්ඩ තවදුරටත් සීමා කරන්නැයි ඉල්ලයි

pakeer Saturday, 13 August 2022 10:29 AM

පරිගනක,⁣ෆොන්ස්,එක්ස්පෙන්සිව් ටිවිස්, මිල අධික වින්ඩෝ බේස් සොප්ට්වෙයර්, ලක්සිරිි ජුවලරස් පර්පියුම් මෙිවා ඔක්කෝම නවත්තන්න ඕනේ. පාලනයක් ඇතුව ඒ එක්කම මේවා මේ නිශ්පාදනයට උත්සහා කරන්න ඕනේ.ලංකාවෙි ගොඩක් කම්පැනි කරන්නේ පිට රටින් බඩු ගෙනල්ලා මේ විකුණන එක, අනික මේ ලොකු කම්පැනි වල වැඩ කරන්නේ බොහෝම ටිකයි රජයේ වගකීම තමයි 100 ඉන්නව නම් 35 ක් වැඩ 65 ක් විධාන දෙන්න විතරයි ඉන්නේ.මේවත් හරියට මැනේජ් වෙන්න ඕනේ.

:       5       71

Soma dubayi Saturday, 13 August 2022 04:40 PM

ඉතාම හොඳ තීරණයක්..., ඇත්තටම සියලුම රටින් ගෙන්වන පලතුරු වර්ග හා කෑම වර්ග තහනම් කළයුතුයි...

:       4       59

Helerawa Sunday, 14 August 2022 07:19 AM

උඹලා වගේ බුද්ධිමත් බව අඩු මිනිස්සුන්ට මේක පේන්නේ හොඳ දෙයක් විදියට. මහ බැංකු අධිපති කෘතිමව දාන සෙල්ලම් නිසා ආර්ථිකය කඩා වැටේවි ඩොලරය විශාල වශයෙන් ඉහලට යාවි. එදාට ඔබට අඬන්න වත් කඳුළු නැති වෙයි.

:       0       4

Mo77 Saturday, 13 August 2022 05:43 PM

ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ අතිබහුතරයක් සීමා කරල තමා තියෙන්නේ. ඒ විතරක් නෙමේ අත්‍යවශ්‍ය ඖෂධ කෑම බීම පවා ආනයන සීමා වෙලා තියෙන්නේ. ඒකට හේතුව ්‍රී ලංකා මහ බැංකුව හා එහි මහ බැංකු අධිපති අත්තනෝමතික ලෙස රෙගුලාසි වලින් විදේශ විනිමය අනුපාතය පාලනය කරලා තියෙන්නේ. ඒක නිසා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන්නේ නෑ. මේ අවස්ථාවේදී කළ යුත්තේ ඉල්ලුම හා සැපයුම මත විදේශ විනිමය තීරණය කිරීමයි. විදේශ විනිමය සැපයුමේ දී ‍යවශ්‍ය භාණ්ඩ වලට ප්‍රමුඛතාව දිය යුතුයි. කවදාවත් මේ කෘතිම ක්‍රම වලින් මේවා පාලනය කරන්න බෑ. මහ බැංකු අධිපති ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවෙක්, ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශාල වැටුපක් හා ිශ්‍රාම වැටුපක් ලබනවා, නමුත් කිසිම සාධනීය සේවාවක් වෙන්නෑ..

:       63       13

Mohammed Saturday, 13 August 2022 06:27 PM

කොච්චර කිව්වත් සුපිරි වෙළෙඳ පොළේ ඕන තරම් රට බඩු පුරවලා. මේවා ගන්නත් මිනිස්සු කණ්ඩායමක් සල්ලි වියදම් කරනවා. ඒවා ගේන්න කොහෙද ඩොලර් තියෙන්නේ කියලා හිතා ගන්න බැහැ.

:       4       38

අකිල Saturday, 13 August 2022 08:08 PM

මෙතන හුරේ දාන මිනිසුන්ට⁣⁣ නොතේරෙන දෙයක් තමයි ඔය භාණ්ඩ තහනම් වෙන්නේ අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට විතරයි කියලා, රනිල් හාමුලට , මහින්ද හාමුලට ඕවා හැමදෙයක්ම පෙරපරිදි නොඅඩුව ගෙන්වල දෙනවා.

:       0       0

Santhu Saturday, 13 August 2022 11:47 PM

ගස් ලබු, අඹ, පේර, අපෙ ඇඹුල් කෙසෙල්, අන්නසි තියෙද්දි රටින් ඇපල්, මිදි ම හොයන අයට හොඳම වැඩේ. එහෙම වෙන්න ඕන.

:       5       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 74 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 190 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 241 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 210 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 315 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 111 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site