අභාවප්‍රාප්ත ආචාර්ය ආනන්ද ගුරුගේ මහතාගේ අවසන් කටයුතු අගෝස්තු 16 වැනි සෙනසුරාදාට කල් තබා ඇත.
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි විටියර් නගරයේ රෝස් හිල් මෙමෝරියල් පාර්ක්හි අවමගුල සිදුවීමට නියමිතය.
සිකුරාදා (15) පස්වරු තුනේ සිට පහ දක්වා දේහය මහජන බුහුමන් සඳහා තබන බවත්, රෝස් හිල් මෙමෝරියල් පාර්ක්හිදී සෙනසුරාදා පහේ සිට හය දක්වා අවසන් කටයුතු සිදු වන බවත් පවුලේ ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
208
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආනන්ද ගුරුගේ අවමඟුල 16 : ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී
අසෝක Friday, 08 August 2014 06:10 AM
ඇමෙරිකාවේ තියෙන නිසා දැන්මම අපේ 42 ක විදේශ අමාත්‍යංශයේ නඩයක් ඇමෙරිකාවේ යන්න දත කට මැදගෙන බලාගෙන ඉන්නවා කියල ආරංචියි (නදී)
මාලනී Friday, 08 August 2014 06:41 AM
ඔබට නිවන් සුව! (නි)
ආබි Friday, 08 August 2014 03:47 PM
ඇයි ඔබට උපන් බිම අමතක උනේ . ඔබට නිවන් සුව. (අ)
සීලා Friday, 08 August 2014 06:56 AM
විද්වතාණෙනි, ඔබතුමාට නිවන් සුව! (නි)
රුවන් Friday, 08 August 2014 07:19 AM
යන්න හැකියාවක් තිබුණා නම් මමත් සහභාගි වෙනවා (නි)
නෙලුම් ඊ පුෂ්පසිරි Saturday, 09 August 2014 10:34 AM
උපන් බිමේ උරුමයට පිනුත් කරලා තියෙන්න ඕනේ කියලි මන් හිතන්නේ. (අ)
කණිෂ්ක Friday, 08 August 2014 08:06 AM
ඔබට නිවන් සුව අත්වේවා! (නි)
විමලඥාන Friday, 08 August 2014 08:13 AM
අපගේ කණගාටුව පළකරමු (නි)
නන්ද Saturday, 09 August 2014 12:56 AM
ඔබ වැනි උතුමෙකුගේ අවසන් කටයුතු වලට සහභාගි වන්නට නොලැබීම මහත් වේදනාවක්. එහෙත් උතුමාණෙනි, ඔබේ ආදාහනෝත්සවය දුෂිත දේශපාලකයන්ගේ වාසියට ලක්නොවී දුරුරටක සිදුවීම ගැන සිතා සැනසෙමි. (නි)
රිචි බාලසුරිය Friday, 08 August 2014 10:45 AM
මොහු පැරිසියේ සේවය කල කාලයේ ,ඔහුගෙන් හොඳ අවංක සේවයක් උනා . මම කිහිප වරක් මොහු මුණ ගැසි තිබෙනවා. ඔබට අජරාමර නිවන් සුව පතමි (නදී)
සත්‍යයා Saturday, 09 August 2014 02:45 AM
මිය යන හැමෝම උතුමන් ලා ය. ඒ මිය ගිය නිසාය. ජීවතුන් අතර සිටියදී කරන කියන දේ නොදැන ගැනීම හේතු කොට ගෙනත් මේ අධිතක්සේරුව මානව ඉතිහාසය තුළම සිදුව ඇත. හෙටත් ඒ දෙය ඒ ලෙසින්ම සිදුවීම ඇත්තෙන්ම ශෝචනීයයි. (නදී)
ප්‍රිය Saturday, 09 August 2014 03:28 AM
මොන ජගතෙක් වුණත් ලංකාවේ පොළොවට පස් වෙන එක නේද හොද? මිනිස්සු වැඩිය ඉගෙන ගත්තහම ඕක වෙන්නේ, හුගක් දෙනෙක් ලංකාවට එනවා ලංකා පොළොවට පස් වෙන්න ඕනේ කියල, සමහරු පිට රටට පස් වෙනවා, හරිම දුක්බරයි.(අ)
නැනි Saturday, 09 August 2014 05:31 AM
තමන්ගේ රට කියා කිසිවෙකු දුපත් මානසිකත්වයට යටවිය යුතු නැහැ. තමා දන්නා දේ කියා දිය යුත්තේ අසා සිටින බුද්ධිමතුන්ටයි. විශ්වය මිනිසාටයි. බුදුන් වහන්සේ, ජේසු තුමා පමණක් නොව කාල්මාක්ස්, හෙගල්ස්, ආදීන්ද විශ්වයටම අයිති ශ්‍රෂ්ටයෝ . (දී)
බණ්ඩාර Friday, 08 August 2014 01:56 PM
මම බුදුදහම හා දර්ශනය පිළිබඳ ගොඩක් ආශාවෙන් කටයුතු කරමි.එහිදී මෙබඳු ඇඳුරුවරයෙකුකේ ඇසුර නොලැබීම පිළිබඳ ගොඩක් දුක්වෙමි. කෙසේ වුවත් යථාර්ථය මෙයයි. නුඹට නිවන් සුව පතමි. (නි)