IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආධාර පොහොරත් පිල්ලි යන හැඩ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගොවි ජනතාවට විදේශ ආධාර වශයෙන් ලබාදී තිබෙන යූරියා පොහොර තොග එක්තරා ජාවාරම්කරුවන් පිරිසක්  ඉතා සූක්ෂම අයුරින් බහාලුම් පිටින් සමාගම් සහ කර්මාන්ත ශාලා වෙත විකිණීමට පිඹුරුපත් සැකසීමේ වෑයමක් සම්බන්ධයෙන් අනාවරණය වන බව ජාතික පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

යුරියා පොහොර කිලෝ 50 ක මිටියක සාමාන්‍ය මිල රුපියල් 19500 - 20000 වන අතර එම පොහොර මිටියක් රුපියල් 16500 ක් වැනි අඩු මුදලකට එම ජාවාරම් කරුවන් විසින් විකිණීමට උත්සාහ දරා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ගොවි ජනතාව වෙත ලබාදීම සඳහා ආධාර වශයෙන් ලද එම පොහොර තොග කන්ටේනර පිටින් තැන තැන සඟවා ජාවාරම් කිරීමට උත්සාහ දරා ඇතත් පොහොර ආනයනය කිරීමට නීත්‍යානුකූල බලය හිමි සමාගම් සහ පොහොරවලින් නිෂ්පාදන කටයුතු කරන ප්‍රධාන කර්මාන්ත ශාලා හිමිකරුවන් බලපත්‍ර ඉල්ලා සිටීම නිසා ජාවාරම්කරුවන්ගේ උත්සාහය ව්‍යවර්ථ වී පොහොර තොගවලට කුමක් කරන්නේ දැයි කර කරකියා ගන්නට දෙයක් සිතාගත නොහැකි ජාවාරම්කරුවන් අතරමංව සිටින බව දැනගන්නට ඇත.

ඊට අමතරව පොහොර ආනයනය කිරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලයේන් අවසර ලබාදී තිබූ එක්තරා ලියාපදිංචි සමාගමක වෙළඳ නාමය අනවසරයෙන් භාවිතා කරමින් යූරියා පොහොර තොග විකිණීමට තිබෙන බවට එම ජාවාරම්කරුවන් විසින් මුහුණු පොත හරහා ද දැන්වීම් පළ කර ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් එම සමාගමේ හිමිකරු නීතියේ පිහිට පැතීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

 

 



අදහස් (3)

ආධාර පොහොරත් පිල්ලි යන හැඩ

SISIRA Thursday, 12 January 2023 07:47 AM

නැවත මෙවැනි කටයුතු සිදු නොවීමට / නොකිරීමට දඩුවම් ලැබිය යුතුවේ. එම දඩුවම මගින් වෙනත් ජාවාරම් කරුවන්ටද පණිවුඩයක් ලබදීමට සිදුවිය යුතුවේ

:       0       3

මහසෙන් Thursday, 12 January 2023 08:18 AM

ඇමතිවරයාගෙ නම දාන්නකො.

:       0       4

fairoos Thursday, 12 January 2023 12:59 PM

රනිල් රාජපක්ෂලාගේ මේ ආණ්ඩුවේ හැමතැනින්ම හොර වැඩ විතරයි කෙරෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site