IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආදි කාලේ නැව් හතරක් පාසිකුඩාවෙන් සොයා ගනී

පාසිකුඩා වෙරළ ආසන්න නොගැඹුරු ගල්පරයක් අසළ ගිලී ඇති නැව් හතරක සුන්බුන් සොයාගත් බව ගාල්ලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂකයෝ කියති. 2012 වර්ෂයේ සිට වරින් වර එහි කිමිදෙමින් මේ ගවේෂණය කළ බවත් පසුගිය අගෝස්තු මාසයේ දී විශාල වාෂ්ප නැවක කොටස් හමුවීමත් සමග එතැන ඇති නැව් ගණන හතරක් බවට තහවුරු කැරගත හැකි වූ බවත් ඔවුහු කියති.

සමුද්‍ර පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසන්නේ මේ නැව් 19 වැනි හා 20 වැනි ශතවර්ෂයේ දී ගිලී යන්නට ඇති බවයි. ලෝකයේ එකම ස්ථානයක මෙතරම් නැව් සංඛ්‍යාවක් ගිලී ඇති වෙනත් තැනක් ගැන දැනගන්නට නැතැයි ද එබැවින් මෙය ලෝක සමුද්‍ර පුරාවිද්‍යා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් බව ද පර්යේෂකයෝ කියති.

ජාත්‍යන්තර නැව් මාර්ගයට ආසන්නයේ ඇති නොගැඹුරු ගල්තලාවේ හැපී මේ නැව් හතරම ගිලී ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි. යකඩ කඩන්නන් විසින් නැව්වල කොටස් විශාල වශයෙන් ඉවත්කැර ඇති බැවින් නැව් ස්ථිරව ම හඳුනාගැනීම අපහසු වී ඇතැයි ද මුතුකුමාරණ මහතා පවසයි. බොයිලේරු හා එන්ජින් කොටස් තවමත් ඉතිරිව ඇති බැවින් මෙතැන ඇති නැව් හතරෙන් තුනක් වාෂ්ප නැව් බව ස්ථිර වශයෙන් ම හඳුනාගෙන ඇත.

ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ ප්‍රධානී ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න මහතා පවසන්නේ ගිලී ඇති නැව් හතරේ වර්තමාන තත්ත්වය ගවේෂණය කිරීමෙන් සොයාගත් දත්ත, පැරණි වාර්තා හා පුවත්පත් ලේඛණ ආදිය පරිශීලනය කරමින් මේ නැව් හතරේ අනන්‍යතාව හඳුනාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

Pasikuda wreck plan Pasikudha wreck 01 - Copy Pasikudha wreck 02 Pasikudha wreck 03 Pasikudha wreck 04 Pasikudha wreck

 



අදහස් (0)

ආදි කාලේ නැව් හතරක් පාසිකුඩාවෙන් සොයා ගනී

කසුන් Monday, 29 September 2014 04:59 AM

පුරාවිද්‍යා ඒකකයට කලින් මෙම ස්තානය යකඩ කඩන්නන් විසින් ගවේෂණය කරලා එහෙනම්! (ස)

:       0       0

චන්ද්‍රා Sunday, 28 September 2014 05:10 PM

හොද හරිය හොරු ගලවා ගත් පසුව ද පුරාවිද්‍යා අංශ පරීක්සන පටන්ගන්නේ?(දී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Sunday, 28 September 2014 09:28 PM

රන්මුතු දූව චිත්‍රපටිය හදන කාලේ මේවා හොයාගන්න තිබුනා නම්! ඒ චිත්‍රපටිය තිරගත කළේ 1962 දී . කිමිදීම මීට අවුරුදු 52 කට කලින් අපේ අය කර තිබෙනවා. (නි)

:       0       0

රාජුන් Sunday, 28 September 2014 10:32 PM

චන්ද්‍රා, නිකම් මෝඩ කතා කියන්න එපා. නැවක් ගිලෙනකොටම එතනට පුරාවිද්‍යා අංශ කඩා පනින්නේ නැහැ. මෙවන් කතා වලින් මේ වගේ විශිෂ්ඨ ගවේෂණත් හෑල්ලුවට පත්වෙනවා. (නි)

:       0       0

ගයාන් Sunday, 28 September 2014 10:27 AM

විශිෂ්ට සොයා ගැනීමක් (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 28 September 2014 10:27 AM

විශිෂ්ට ගවේෂණයක් ! එකම ස්ථානයේ නැව් 4 ක් ම ගිලී තිබීමෙන් ,මුහුදු කොල්ල කරුවන්ගේ ග්‍රහණයට ලක්වූ බවක් ලෙස සිතිය හැකියි ! (දී)

:       0       0

ලක්ෂික Sunday, 28 September 2014 11:37 PM

අතිවිශිෂ්ට සොයාගැනීමක් (නි)

:       0       0

ශ්‍රීමාන වර්ණකුලසුරිය Sunday, 28 September 2014 12:02 PM

පැරණිදේ දැන ගන්න කැමතියි (දී)

:       0       0

කුරේ Sunday, 28 September 2014 12:22 PM

අතීතය කොයිතරම් දියුණු ඇතිද කියලා නිකන් හිතන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site