IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ආදිවාසී ජනතාව සැළකිල්ලට ලක්විය යුතුයි’

(යොහාන් භාසුර)
මෙරට ආදිවාසී ගම්මානවල ජීවත්වන ආදිවාසී ජනතාවට මතුව ඇති ගැටළු පිළිබඳව සොයා බැලීමට එම ගම්මානවලට සංචාරය කරන බවත් අපේ රටේ උරුමක්කාරයන් වූ ආදිවාසී ජනතාව තවදුරටත් සැළකිල්ලට ලක් නොවන පිරිසක් නොවිය යුතු බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
භාෂාවෙන් හෝ සිරිත් විරිත්වලින් වෙනස්කම් තිබුණත් මේ මහා සංස්කෘතිය තුළ අප සියලු දෙනාම එකම මිනිස් කොට්ඨාසයක් බව කී අමාත්‍යවරයා මතු වී ඇති ගැටළු සඳහා විසඳුම් හොයන්න සියලු දෙනාම එක් වී වැඩ කළයුතු බව ද සදඟන් කළේය.
අපේ උරුමයක් වූ ආදිවාසී ජනතාවගේ වටිනාකම ලෝකය වෙත ගෙන යෑමට විශේෂ වැඩසටහනක් සකස් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
දඹාන, කොටබකිණිය ගම්මානයේදී ලෝක ආදිවාසී දින සැමරුම් දිනට සමගාමීව පැවැති සැමරුම් උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

 



අදහස් (3)

‘ආදිවාසී ජනතාව සැළකිල්ලට ලක්විය යුතුයි’

ravin Thursday, 10 August 2023 02:46 PM

ආ !! ඕන් කස්ටියගෙ නෙත් අරිලා. ආදිවාසි සංසකෘතිය හා බැදුණු ක්‍රමවෙදයන් ටිකක් හෝ අනුගමනය කලානම් වන විනාශය හා තිරසාර වර් ධනව මිටවඩා ඉහලින් පවත්වාගෙන යන්න තිබුනා නේද? හැබැයි ඉතින් සන්වර්ඩනය මුවාවෙන් ගසාකන්නවුන්ටනම් තමයි ප්‍රශ්න මතුවෙන්නෙ.

:       0       0

Duminda Thursday, 10 August 2023 06:49 PM

අපි ආදී වාසීන්ගේ භාෂාව ජාතික භාෂාවක් කළ යුතුය.., ඔවුන්ගේ කටයුතු එම භාෂාවෙන්ම කිරීමට ඉඩ සැලසිය යුතුයි...

:       0       0

සල්ලි Friday, 11 August 2023 07:15 AM

කැස්බෑවේ පොදු වැසිකිලිය හදාපන් ඔය රවුම් ගහන්න වියදම් වෙන සල්ලි වලින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site