
අජන්ත කුමාර අගලකඩ
අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වීමත් සමග ආණ්ඩුව පිහිටුවීමට සමගි ජන ජනබලවේගය ඉදිරිපත් නොවන්නේ නම්,අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම බාරගැනීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ.
ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී අද (07)දහවල් රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ඇත.
සමගි ජන බලවේගය ආණ්ඩුව බාරගැනීමේ වගකීමෙන් ඉවත් වන්නේ නම් රට අරාජික වීමට ඉඩ නොදී තවත් පාර්ශව රැසක් එක්කර ගනිමින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ස්සී බව එහිදී ප්‍රකාශ වී ඇත
පක්ෂ නායකයන් එක්ව පිහිටුවන ජාතික සභාවකින් නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීමට ද එහිදී යෝජනා වී ඇතැයි වාර්තා වේ.
නිමල් සිරිපාල ද සිල්වා ,මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර ,ලසන්ත අලගියවන්න ,දුමින්ද දිසානායක,උදය ගම්මන්පිල ,මහාචාර්ය තිස්ස විතාරණ ජයන්ත සමරවීර , ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ,ආචාර්ය විජයදාස රාජපක්ෂ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාණෝ අගමැති කරන්නම ඕනෑ. ඇඳුම් ගැලෙව්වා වගේ තියෙයි.
මෙයාලා මේ දඟලන්නේ නැති වුණු ඇමැතිකම් ගන්න මිස රටට ආදරේට නෙවෙයි.
ඒ පිහිටවන ආණ්ඩුවේ අගමැති මහින්ද නේද? ජනාධිපති ගෝඨාභයද?
මේ අය නේද අදටත් ආණ්ඩු කරන්නේ? රට කාපු අයව ගහලා එළවන්න ඕනෑ.
හොඳයි, හොඳයි ඔය කට්ටියේ ඉන්න පළපුරුද්ද අවුරුදු 52ක් තියෙන වාසුදේව අගමැති කිරීම.., සජිත් කොලුවාට වඩා හොඳයි. ග්‍රාම සේවක මහත්තයාට පළපුරුද්ද අඩුයි. නිමල් ආවේ 1994දී ඔහුගේ පළපුරුද්දත් හොඳටම මදි. පේනවා නේද පළපුරුද්ද නැතුව ජනාධිපති පත්කර ගත්තු නිසා වෙච්චි වින්නැහිය...? ආයෙත් කියනවා ජයවේවා කියලා...
මරු කට්ටිය...!
මෙයාලාට බලයක් තියෙනවද?
හොඳම හොරු ටිකයි බොරු කාරයොයි එකතු වෙලා.
මේ කවුරුවත් එපා. ජනතාවට ඕනේ නුඹලා සේරම මකබෑවිලා යවන්නයි. වහාම අයින්වෙන්න.
පුතාණෝ අගමැති කරන්නම ඕනෑ. එයාගෙයි, ගෝලයන්ගෙයි කයිවාරු වල නියම ගතිය එළිවෙන්නේ එතකොට..
සජබයට තියෙන්නේ යූඑන්පී එකත් එක්ක ප්‍රශ්න, ජාජබ තියෙන්නේ විමල් ඇතුළු ස්වාධීන කණ්ඩායම එකත් එක්ක ප්‍රශ්න, මහජනතාවට තියෙන්නේ තමන් එදිනෙදා ජීවත්වීමට අදාළ ප්‍රශ්න. ඉතින් අපි කවදා මේවා විසඳගන්නද?
ඊළඟගම " මෛත්‍රී ගෝ ගම" වෙයිද? මොකද දන්නේ නැහැ සභාපතිවරයෙක් අද පාන්දරම සිංගප්පූරු ගියේ? තව ප්‍රභූවරු කීප දෙනෙක්ම කොට්ට, පැදුරු අස්පස් කරගන්නවාලු ඔන්න...
කවුද කියන්නේ මෙයාලා කැරැළිකාරයෝ කියලා? මේ මිනිස්සු දේශපාලන ඩීල්කාරයෝ. විමල්, වාසු, ගම්මන්පිල දැන් චණ්ඩි වුණාට, 30ට අත ඉස්සුවේ, ගෝඨාභය වීරයෙක් කළේ ඔය මිනිස්සු... සජිත්ට බෑ කියන කතාව හැදුවෙත් මෙයාලාම තමයි. සජිත්ට බෑ කියන්නේ කොහොමද? අවස්ථාවක් දීලා නැතිව. බෑ කියන කතාව හැදුවේ සජිත්ට පුළුවන් නිසයි. මහලොකුවට 69 ලක්ෂයක් ඡන්දෙ දීපු ගෝඨාභයට පුළුවන් වුණාද කරන්න.
ඔබලා ස්වාධීන යයි කීවාට ජනතාව එය පිළිගන්නේ නෑ.
මරු සෙට් එක. බලලෝභියෝ. මේ අයගේ කෙරුවාවල් ගැන දන්නෝ සහසුද්දෙන්ම දන්නවා. ලැජ්ජයි..!
නියම 3 දෙනා... මෙයාලා තමයි රජ පවුල හොරකම් කරද්දී සාධාරණීකරණය කළේ..!
මේ දැන් තිබෙන අසූචිවලේ නාගන්න සජිත් එන්නේ නැහැ. ප්‍රථමයෙන් අසූචි ටික සුද්ද පවිත්‍ර කරලා දමන්න. ‘‘ජනපති සහ අගමැති‘‘ ඉල්ලා අස්වෙන්න. ඊට පස්සේ සජිත් රට බාරගනීවි.
එතැන ඉන්නෙත් නම් දරාපු හොරු ගොඩක්නේ... එකයි දෙන්නයි චෝදනා නොලබපු අය ඉන්නේ...!
ආණ්ඩුවක් පිහිටුවන්න ඩොලර් නෑ. ඩොලර් නෑ කිය කියා ඉන්න නම් ආණ්ඩු පිහිටුවන්න එපා. ආණ්ඩු පිහිටෙව්වොත් අර ජේ.ආර්. ජයවර්ධන මහතා වගේ මාස දෙක තුනකින් භාන්ඩ හිඟය නැතිකරන්න ඕනෑ. ඒ මහතාගේ පාලනයේ යම් යම් අඩුපාඩු තිබුණට 1978 සිට 2022 දක්වා අවුරුදු 44ක් මේ රටේ භාණ්ඩ හිඟයක් ඇතිවුණේ නැහැ.
කොහෙන් හරි නියම ගේම්කාරයින් තුන්දෙනා ඉන්නවාමයි. මහජනතාව මේ ගේම්කාරයින් තුන්දෙනා ගැන අවබෝධයෙන්, විමසිල්ලෙන් සිටිය යුතුයි. විශේෂයෙන්ම මේ තුන්දෙනාට රාජපක්ෂලා නැතුව දේශපාලන ඉදිරි ගමනක් නැත...
අවංකව රට නංවන්න සූදානම් කණ්ඩායමක් පේන්න නැත. දේශපාලන කුහකකම් මිසක් වෙන යහපත් චේතනාවක් කාගේවත් නැත.
අන්න එහෙම හොඳ ස්තිර අදහසක ඉන්න. අපේ උපරිම සහාය දෙනවා. මේ රටේ තරුණ හැට දහසකට වැඩි ගාණක් රටට අහිමි කළ ගහලයාගේ පුතා හෝ එන කෙනෙකුට කරන්න දෙන්නැති, හිටපු අයටත් කරන්න දුන් නැති, ජෙප්පන් ගාවගන්න එපා.
කවුද මේ අයට කැරලිකරුවන් කියලා කියන්නේ? කුමන්ත්‍රණකරුවන් මිසක්..
අද දේශපාලකයන්ව ජන සමාජයෙන් කොනුන කොටසක් බවට පත්වෙලා ගරු, තුමා මෙ ගරු නාම කිසිවකින් ඇමතිය යුතු කොටසක් නොවේ.