(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ආබාධිත ජනතාවගේ පහසුව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බ්‍රේල් ක්‍රමයට මුද්‍රණය කරන්නැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (4) රජයෙන් ඉල්ලීමක් කළේය.
ආබාධිත ජනතාවගෙන් සියයට හැත්තෑ එකක් කිසිම ආර්ථික කටයුත්තකට දායක නොවන බව පැවසූ අමාත්‍යවරයා පාසල් යන වයසේදරුවන්ගෙන් සියයට තිස් හතරක් කිසිම අධ්‍යාපනයක් නොලබන බවද ප්‍රකාශ කළේය.
අලහප්පෙරුම මහතා මෙසේ පැවැසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳව අයවැය කාරකසභා අවස්ථා විවාදයේදීය.
ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය.
ආබාධිත අය වෙනුවෙන් රක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපිත කරන්න. ආබාධිත තත්ත්වය නිසා සෞඛ්‍ය රක්ෂණයක් ගන්න බැහැ පුරවැසියකුට. බැංකු ගිණුමක් තනියම විවෘත කරන්න බැහැ. ජීවිත රක්ෂණයක් ගන්න බෑ. ඉතා බරපතළ තත්ත්වයක්. සෑම අමාත්‍යාංශ විෂය පථයන්ට අදාළව ආබාධිතයන් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කළ යුතුයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බ්‍රේල් ක්‍රමයට මුද්‍රණය කරන්න ඕන. මේ යෝජනාව මම න්‍යාය පත්‍රයට ඇතුළත් කරලා තියෙනවා. ඔබතුමා ඒ වෙනුවෙන් නායකත්වය ලබාදෙන්න.
මේ රටේ සියයට 8.7ක් ආබාධිතයි.අවුරුදු පහෙන් අඩු දරුවන් මේ සංගණනයට භාවිත කළේ නැහැ. ලක්ෂ දහසයක් ආබාධිතයි ලු. මෙයින් සියයට හැත්තෑ එකක් කිසිම ආර්ථික කටයුත්තකට සම්බන්ධ වෙන්නේ නැහැ. පාසල් යන වයසේ දරුවන්ගෙන් සියයට තිස් හතරක් කිසිම කිසිම අධ්‍යාපනයක් ලබන්නෙ නෑ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.