IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආණමඩුවේ පෞද්ගලික ඉඩමක සැගවු පොහොර තොගයක් එළියට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

ආණමඩුව මහඋස්වැව එච් 7 ගම්මානයේ පුද්ගලික ඉඩමක රජයේ පොහොර තොගයක් සගවා තිබියදී  සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි.

මෙම ස්ථානයේ පොහොර ගබඩා කර ඇති බවට ගොවින් පිරිසක් ආණමඩුව පොලිසියට කරන ලද පැමිනිල්ලක් අනුව ආණමඩුව පොලිසිය විසින් කරන ලද පරික්ෂාවකදි  මෙම පුද්ගලික ඉඩමේ නිවසක සගවා තිබු පොහොර මිටි 40 ක් සොයා ගෙන තිබේ.

පොහොර තොගය තුළ අදාල පුද්ගලික ඉඩමේ සගවා ඇති බවට දැන ගැනිමත් සමග ගොවින් විශාල පිරිසක් එම ස්ථානයට පැමින විරෝධය මතු කරමින් පවසා සිටියේ තම ගොයම් පොහොර නැතිව විනාශ වෙද්දි මහඋස්වැව ගොවිජන සේවා කාර්යාලයෙන් හොර පාරින් මෙම ඉඩමට ලබා දි ඇති බවයි.

කෙසේ වෙතත් ඉඩමට ඇතුල්විමට ඉඩමේ සිටි පිරිසක් මාධ්‍යයට වලක්වා ලනු ලැබිනී.

මෙම ස්ථානයට පැමිනි ආණමඩුව පොලිස්ථානාධිපති වරයා විසින් අදාල ස්ථාන පරික්ෂාවක් සිදුකර ගොවිජන සේවා නිළධාරින් අදාල ස්ථානයට පැමින පොහොර තොග පරික්ෂා කරන තුරු   පොලිස් ආරක්ෂාව ‍ යෙදවිමට කටයුතු කර තිබුනී.

පොලිසිය පවසා සිටියේ අදාල නිළධාරින් පැමිණි මේ සම්බන්ධව ලබා දෙන වාර්තා අනුව ඉදිරි කටයුතු සිදුකිරිමට නියමිත බවයි.



අදහස් (0)

ආණමඩුවේ පෞද්ගලික ඉඩමක සැගවු පොහොර තොගයක් එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 63 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site