IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආණ්ඩුව හම්බන්තොට බලය රැක ගනී

හම්බන්තොට සමස්ථ ප්‍රතිඵලය මීට මඳවේලාවකට කලින් නිකුත් කෙරිණි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධානය ඡන්ද 174,687 ද එක්සත් ජාතික පක්ෂය 79,829 ක්ද,  ජනතා විමුක්ති පෙරමුණ 39,345ක් ද, ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ඡන්ද 9,547ක් ද හිමි කර ගත්තේය. ඒ  අනුව පාලක එක්සත් ජනතා සංධානයට ආසන 8ක් ද, එක්සත් ජාතික පක්ෂයට 4ක් ද, ජනතා විමුක්ති පෙරමුණ ආසන 2ක් ද හිමිකර ගෙන ඇත.

2009 පැවැති පළාත් පාලන මැතිවරණය එක්සත් ජනතා සන්ධානය ඡන්ද 192,961 ක් ලබා ගත් අතර ආසන 8 හිමිවිය.  එක්සත් ජාතික පක්ෂය පක්ෂය 62,391 ක් හිමිකර ගත් අතර ආසන 3ක් , ජනතා විමුක්ති පෙරමුණ 31, 734 හිමි වූ අතර ආසන එකක් හිමි විය.

මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කටය මන්ත්‍රී ආසන දෙකක් වැඩි වූ අතර මාතරට සහ ගාල්ලට එක බැගින් අඩුවිය. වැඩි වූ ආසන දෙකම එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණට හිමි වීඇති අතර එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද දායකයන්ගේ වර්ධනයක් දක්නට ලැබේ. පසුගිය පළාත් පාලන මැතිවරණයට වඩා මෙවර එක්සත් ජනතා සන්ධානයට ඡන්ද අඩු වීමක් දක්නට ලැබේ.



අදහස් (0)

ආණ්ඩුව හම්බන්තොට බලය රැක ගනී

සමන් හේවාසූරිය Sunday, 30 March 2014 09:40 AM

අතීතේ පටන් හැමදාම රට බේරා ගත්තේ දකුණේ පුත්තු තමා. ආයෙත් රට කොටියට යන්න දෙන්නේ නෑ. ලිඳ කපල දුන්නම නාන්න නම් ඕනේ තරම් අය ඉන්නවා. අම්ම තාත්ත අමතක වෙන මේ රටේ කාලගුණ දන්නා අය ඉන්නේ දකුණේ තමා.(නදී)

:       0       0

රාවන් Sunday, 30 March 2014 09:49 AM

සමන් හේවාසූරිය මහත්තයෝ, තංගල්ලට ස්ත්‍රී දුෂකයෝ පත් වුනාද? ඇයි ඒ කාට කාලගුණ සලකන්නද? (නදී)

:       0       0

චරිත් Sunday, 30 March 2014 01:30 PM

සජිත් මහත්තයට ජය වේවා! (නි)

:       0       0

අප්පුහාමි Sunday, 30 March 2014 06:01 AM

විපක්ෂයට ජය වේවා!!!! (ත)

:       0       0

තිලක් ත්‍රෙවිසෝ Sunday, 30 March 2014 06:51 AM

සුභ පැතුම්! නියමයි. (නි)

:       0       0

ඩයස් Sunday, 30 March 2014 08:10 AM

සත්‍යය කවදා හරි ජය ගනීවි. අපිට සජිත් මහත්තයා ඕනෑ. (නි)

:       0       0

සාරද Sunday, 30 March 2014 08:55 AM

සජිත් ප්‍රේමදාසගේ උපන් හපන්කම් ප්‍රදර්ශනය කිරීමක් තමයි මේ. සජිත් මැතිදුණි, ඔබට ජය! (නි)

:       0       0

රාවන් Sunday, 30 March 2014 09:03 AM

ආයේ මේකේ අහන්න දෙයක් තියෙනවද? දකුණ ප්‍රසිද්ධ මොනවටද කියලා දන්නවනේ. (නි)

:       0       0

ඇසළ Sunday, 30 March 2014 09:24 AM

මිනිස්සුන්ට බෝම්බ වලින් නොමැරී ජිවත් වෙන්න නිදහසක් ගෙනාවේ මේ රජය. ඒක තවම අමතක වෙලා නැහැ. ජිවන වියදම ඉහළ බව කවුරුත් දන්නා දෙයක්. නමුත් රටක් වශයෙන් ලබා තිබෙන ප්‍රගතිය අවුරුදු 10 කට පෙර සමඟ සංසන්දනය කර බැලූ විට කවුද වෙනත් පක්ෂ වලට ඡන්දය දෙන්නේ? මට පෙනෙන හැටියට මේ මිහිකත තිබෙන තාක්කල් සන්ධානය පැරදවීම බොරු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site