(යොහාන් භාසුර)
විධාක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ආණ්ඩුව ගෙන ආ යෝජනාව ‘බුදුසරණණයි බෝඩ් එක ගහගෙන හොර හරක් අදිනවා වගේ වැඩක්’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (16) පැවසීය.
එම යෝජනාවේ ඉලක්කය විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම නොව රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දයෙන් ජනාධිපති ධූරයට පැමිණිය නොහැකි නිසා පස්සා දොරෙන් ජනාධිපති පුටුවට නැවත පැමිණීම බවත් ඒ මහතා කීය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ වචන 10ක් කථා කළොත් කියන්නේ එකතු වෙල්ලා වුවද ඒ අස්සේ ජනාධිපතිවරණ කල්දැමීමේ උප්පරවැට්ටි ක්‍රියාත්මක කරන බව කී ඩිලාන් පෙරේරා මහතා ඒ අතර හැම තැනටම ජනාධිපතිවරයා හෝ බැසිල් රාජපක්‍ෂ මහත්මයා කවුරු හෝ ඩීල්කාරයෙක් ඔබා ඇති බව ද සඳහන් කළේය.
ඩීල්කාරයො සජබෙ, නිදහස් ජනතා සභාව සහ උත්තර ලංකා සභාව ඇතුළු සෑම තැනම ඉන්නා බව කී ඩිලාන් පෙරේරා මහතා ඩීල්කාරයො එකමුතු වන සෑම අවස්ථාවකම එකමුතුව බෙදීම කරන බව ද කීය.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුවේ යෝජනා ’’බුදුසරණයි බෝඩ් ගහන් හොර හරක් අදිනවා’’ වගේ වැඩක්
Dasa P Saturday, 17 February 2024 03:05 AM
හොඳ හරක් හොරු තමයි ඉන්නේ...!
sumanadasa Saturday, 17 February 2024 12:13 PM
අනේ මහත්තයෝ ඔයත් අපේ දේශපාලනයේ කුණුවී ඕජස් ගලන චරිතයක් වෙලත් ගොඩක් කල්. ද්විත්ව පුරවැසියන්ට ඡන්දේ ඉල්ලන්න එපා කියලා වගේම පුළුවන් කියලාත් අත ඉස්සුවා නේද? කොහොමත් ඊළඟ ඡන්දෙදී ඔයත් ගෙදර තමයි.