(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවට හෝ පොහොට්ටුවට පළාත් පාලන ඡන්දය කල් දැමීමේ කිසිදු අවශයතාවයක් නොමැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම මැතිවරණ කොමිසමේ වගකීමක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අමාත්‍යාංශවල පවා ප්‍රතිපාදන කප්පාදු කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා ඇත්තේ ඔවුන්ට මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ඇති නිසා විය හැකි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ නාම යෝජනා අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සහ පොහොට්ටුව කුමන්ත්‍රණය කරන බවට විපක්ෂය නගන චෝදනා පදනම් විරහිත බවත් මැතිවරණවලට මුහුන දීමට කිසිදු බියක් ආණ්ඩුවට හෝ පොහොට්ටුවට නොමැති බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
මැතිවරණයේදී අනෙක් සියළුම දේශපාලන පක්ෂ වලට වඩා ශක්තිමත්ව මුහුණ දීමට හැකි ශක්තිමත් කණ්ඩායමක් සිටින බැවින් ආණ්ඩුවට හෝ පොහොට්ටුවට මෙවර මැතිවරණය කිසිදු අභියෝගයක් නොමැති බවත් රණතුංග මහතා එහිදී තවදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුවට-පොහොට්ටුවට ඡන්දෙ කල් දාන්න උවමනාවක් නැහැ
Sunil Thursday, 12 January 2023 01:52 PM
මුහුණ දෙන්න නම් ශක්තිය තියෙනවා. ප්‍රතිඵල වුවත් කෙසේවේද දැන්මම කියන්න පුළුවනි.
sharm warn Thursday, 12 January 2023 03:11 PM
අනේ ඉතින් කප්පම් කාරයෙකුගේ පුරාජේරු අපිටත් වුණානේ...
Bamunuarachchi Friday, 13 January 2023 08:17 AM
ජනතාවටයි ඡන්දෙ කල් දාන්න උවමනාව. මොකද කෝටි ගණනක් වියදම් කර මේ කරන්නේ ඒ ඒ පක්ෂවලට තිබෙන ජනතා කැමැත්ත බලන එකයි .ඒ හැර වෙන ප්‍රයෝජනයක් රටට නැත.