කැලණිය විශ්ව ආචාර්ය උපාධිධාරියකු වූ වසන්ත සේන වැලිංගගේ මහතා ආදෝළනාත්මක පර්යෂණයකින් අනතුරුව ශ්‍රී ලංකාව තුළ කංසා ඔසුවක් ලෙස නීති ගත කිරිමේ ක්රමයක්ද සකස්කරමින් සිටී
අතීතයේ ලංකාවේ කංසා භාවිතා කිරීම තුළින් ලැබූ ප්‍රයෝජන හා ඒ ඇසුරෙන් ලද ගුණය පිළිබඳ ඔහුගේ පරීක්ෂණ හා සමීක්ෂණ වලින් සනාත කරගෙන තිබේ.
ආචාර්ය වසන්ත ගේ, "ත්‍රෛලෝක්‍යවිජයා” නමින් පුරාවිද්‍යාත්මක, ඓතිහාසික, ආයුර්වේදීය සහ බටහිර විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවන මිනිසා සහ කංසා අතර සහ සම්බන්ධතාවෙහි විකාශනය නම් කෘතියක්ද එළි දක්වා ඇති අතර අතිතයේ විවිද රටවල් ආදියේ විසූ මිනිසුන්ගේ ජීවිත හා කංසා වල ඇති සම්බන්ධතාවය ඒ තුළින් පෙන් වා දී ඇත.
එමෙන්ම කංසා පැළෑටියෙන් සකස් කර ගන්නා විවිධ නිශ්පාදන පිළිබඳවද ආචාර්ය වසන්ත මහතා විසින් සිය පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ.
“කංසා මුලින්ම හමුවෙලා ටික කලක් ගත වනවිට මේවා ආහාරයට ගත්තාම ලෙඩ රෝග අඩුවන බව මිනිස්සු දැනගත්තා. ඒ වගේම, ලෙඩ රෝග හැදුණු අයට මේවා දීමෙන් ඔවුන් සුවපත් වන බවත් ඔවුන් දුටුවා. මෙය ඖෂධයක් ලෙස භාවිත කළ හැකි බව ඒකෙන් මිනිස්සු තේරුම් ගත්තා. චීනයේ සිටි ෂෙන්ලුං අධිරාජයා වැනි අය කංසාවල ගුණ පිළිබඳ ලිව්වා. ඒ ආකාරයට චීන භාෂාවෙන් ලියූ ලිපි ලේඛන රැසක්ම තිබෙනවා.”
“මං පර්යේෂකයෙක්. කැලණිය විශ්වවිද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ පළමු උපාධිය ලැබීමෙන් පසු, ශ්‍රී ලංකාවේ වැව්වල ජීවත්වන මසුන්ගේ ආහාර රටා ගැන දර්ශනපති උපාධියත්, ගංගා ඇළ දොළ ආශ්රිත ජීවීන් ගැන ආචාර්ය උපාධියත් හැදෑරුවා. කංසා කියන්නේ වසර 12000කට ආසන්න කාලයක් තිස්සේ මිනිසාගේ චිර ජීවනයටත්, මානව සංස්කෘතියේ පෙරළිකාර නිර්මාණ බිහි කිරීමටත් උපකාරී වූ ශාඛයක්.
කංසා තහනම් කළේ දැව තලපයෙන් නිපදවන කඩදාසි හා පොළොවෙන් ලබා ගන්නා පෙට්‍රෝලියම් ආශ්රිත මූලික සම්පත් භාවිත කර නිපදවන කෘත්‍රිම භාණ්ඩ සහ ඖෂධවලට අවශ්‍ය වෙළෙඳ පොළ තනන්නයි. මුලින්ම ඇමෙරිකාවත්, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මුළු ලොව පුරාමත් එය තහනම් කළා.
කංසා පිළිබඳ අපගේ දැනුම අල්පයි. කිසිවක් නොදන්නවා යැයි කීවත් වරදක් නෑ. කංසා කියන වචනය පවා අපි ප්‍රසිද්ධයේ කීමට මැළි වෙනවා. බිය වෙනවා. හේතුව එය තහනම් කර ඇති නිසයි. කංසා වගාව, ප්‍රවාහනය , විකිණීම, භාවිතය යන සියල්ල නීති විරෝධීයි.
නමුත් ලංකාවට හොඳම ආදායම් මාර්ගයක් සකසා ගත හැකි මේ කංසා නීති විරෝධි ශාඛයක් වශයෙන් නමි කිරීම විශාල අපරාධයක්.”යැයි වසන්ත මහතා මෙහිදී අනාවරණය කරයි.
COMMENTS
කංසා ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක තහනම ඉවත් කළා.
සෝල්බරිලගෙ කසිප්පු විකුණා ගන්න සිංහල අපේ කංසා තහනම් කරා අපි තවමත් වහල්
බලධාරීන් ඔහුගේ අත්හදා බැලීම් සහ යෝජනා කෙරෙහි නිසි අවධානයක් යොමු කළ යුතුය!
ඔය පොත ලියපු එක්කෙනා අරයගෙ කවුද ?
පාර්ලිමේන්තුවේ මන්ත්රීවරියකුත් පහුගිය කාලේ කෑගැහැවේ කංසා ගැන හොඳ හැටි දන්න හින්දා වෙන්න ඇති...
කන්සා වගාකරලා ආර්ථිකය හදන්න පුළුවන් කියලා කියන එක විහිළුවක්. එහෙනම් ලෝකයේ හොඳම ආර්ථිකයක් තියෙන්න ඕනේ කොලොම්බියාව, වෙනිසියුලාව, ගෝතමාලාව වගේ රටවල්.. ලංකාව වගේම ඝර්ම කලාපිය රටවල් වන මේ රටවල කංසා ඉතාමත් විශාල වශයෙන් වගා කරනවා. එම රටවල් කංසා වවලා අපනයනය කරත් ආර්ථික වශයෙන් ශක්තිමත් නෑ. ජනතාව නම් ආනන්දයෙන් කංසා භාවිතා කරමින් විශාල ලෙස පරිහානියට ලක්වෙලා තියෙනවා. කංසා කියන්නේ බොහෝ දේශගුණික තත්වයන් යටතේ පහසුවෙන් වගා කරන්න පුළුවන් ශාකයක්... ලෝකයට කංසා දෙන්න වගාකරලා ආර්ථිකය හදන්න බෑ. ඉතාමත්ම ක්‍රමානුකූලව එය සිදුකරන රටවල් පවා දරුණු සමාජීය ගැටලුවලට මුහුණ දෙනවා. මේ උතසාහ කරන්නේ ලංකාවේ තියන ගැටළු වැඩි කරන්න මිසක් අඩු කරන්න නොවෙයි. ඇයි මේ පර්යේෂකයින් උත්සාහ නොකරන්නේ ලංකාවටත් ඉතාම අවශ්‍ය බෙහෙත් වන බින් කොහොඹ, කටුවැල්බටු වගේ ඇත්තටම වෙළඳපලක් තියන වගාවන් ගැන අධ්‍යයනය කරන්න. මොකක්ද එකේ රහස? සිගරට් කම්පැණිවල ඊළඟ උත්සාහය තමයි මේ පර්යේෂණ තුලින් විවිධ ස්වරූප වලින් කළඑළි බහින්නේ... ජනතාව අවධියෙන් සිටිය යුතුයි. මේ විනාශ කරන්න හදන්නේ ඔබේත්, මගේත් අනාගතයයි.
කිසිඳු ආන්දෝලනයකට තුඩු දෙන්නේ නැහැ... නීතිගත කරලා රජය මගින් පමණක් සිදුකළ යුතුයි...
කරුණාකර මේ වටිනා පර්යේෂණය ගැන රජය සලකා බලන්න.
සුද්දෝ කොහොමත් අපට දුන්නේ ලණුමනේ
හරි අවබෝධයකින් දකින්න. ඔහු කියන්නේ ඇත්ත.
ඕස්ට්‍රේලියාවේ වී ගොවියෙක් හෙක්ටයාරයකට වී ටොන් 10ක් ගන්නවලු. ලෝකයේ වැඩිම අස්වැන්න. අපි අවුරුදු 2500ක් සීසාලත් තාම ඊට ළඟටවත් එන්න බැරිවුණා. අපේ උගත්තු ගංජා වවන්න හදනවා. අධ්‍යාපනයක තරම.