(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගම් සාමාජිකයෝ "අත් වල කළු පටි බැද " වෘත්තීය සමිති විරෝධතා නිරත වෙති.
කටුනායක ගුවන් තොටුපොළ ප්‍රමුඛව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සියලුම ගුවන් තොටුපොළ සහ වරායන් තුළ සිටින සියලු නිලධාරීහු මෙම විරෝධයට එක්ව සිටිති
දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින උග්‍ර නිලධාරී හිගය , නිසි කළට තනතුරු සදහා පුරප්පාඩු නොපිරවීම , රාජකාරී සේවා මුර ක්‍රමය වෙනස් කිරීම , රජය ස්ථිර වීසා ප්‍රතිපත්තියක නොපිහිටා කටයුතු කිරීම නිසා සංචාරකයන් වේශයෙන් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් රට තුළට ඇතුළු වීම , වීසා අයදුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විදේශීය පෞද්ගලික සමාගමකට භාර දීම යනාදී කරුණු මුල් කර ගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ තුළ මෙම විරෝධතාවය ක්‍රියාත්මක වුවද එනිසා ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ එයින් පිටත්ව යන ගුවන් මගීන්ට සහ කටුනායක ගුවන් තොටුපොළ සාමාන්‍ය මෙහෙයුම් කටයුතුවලට කිසිදු බාධාවක් ඇති වී නොමැති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආගම විගමන නිලධාරීහු විරෝධයක
Lalla Friday, 12 April 2024 07:42 PM
වීසා කටයුතු පෞද්ගලික අංශයට දීම බොහෝ රටවල් කරනවා. ඉන්දියාව යුරෝපීය රටවල් ඒ අතර. ඒක කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමට උදව්වක්...
Prabha Friday, 12 April 2024 11:15 PM
ඔක්කෝටම කළින් හරියට වැඩකරලා ඉඳපල්ලා. රට ඉන්න අපි තරම් ඔබලාගේ කැරැට්ටුව ගෙදර ඉන්න මිනිස්සුවත් දන්නේ නැතිව ඇති...
de silva Saturday, 13 April 2024 07:04 AM
අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිකරුනේ කාලය ගත කරන උපාධිධාරීන්ට පුහුණුවක් දීල මෙම කටයුතු වලට යොදවාගන්න බැරිද ?