IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අ,පුරයුගයේ රෝමයෙන් මාගමට ඇවිල්ලා

ඉපැරණි රෝහණ දේශය හා රෝමය අතර වෙළඳ සබඳතා පැවති බව තහවුරු කෙරෙන වැදගත් සාක්කි දෙකක් හම්බන්තොට බඳගිරියෙන් හා සිතුල් පව්වෙන් ලැබී ඇතැයි පුරාවිද්‍යාඥයෝ කියති. බඳගිරියෙන් හමුවූ තඹ කාසි අනුරාධපුර යුගයේදී රෝමයෙන් හෝ වෙනත් රටකින් ශ්‍රී ලංකාවට ගෙනෙන්නට ඇතැයි ඔවුහු කියති. පුද්ගල මුහුණු හිරු සංකේත හා තවත් සංකේත මේ කාසිවල දක්නට ඇත.

ශ්‍රී ලංකාවේ ශ්‍රී ලක්ෂ්මී කාසිය හැරුණු විට පුද්ගල මුහුණු කාසි භාවිත කළ බවට සාධක නැති හෙයින් මෙම කාසි විදේශ කාසි විය හැකි යැයි පුරා විද්‍යාඥයෝ පවසති. හම්බන්තොට බඳගිරියේ පාරක් හදද්දී කාසි 241 ක් සහිත මුට්ටියක් බැකෝ කුල්ලේ වැදී මුට්ටිය බිඳී ඇතැයිද ඊට පසුදිනද එතැනින් තවත් කාසි 40 ක් සොයා ගත්තේ යැයිද පුරාවිද්‍යා පර්යේෂණ සහකාර සුමේධ පණ්ඩිතරත්න හා සංවර්ධන නිලධාරී ඉන්දික ගමගේ මහත්වරු පවසති.

පසුගිය සැප්තැම්බරයෙන් පසු එම ප්‍රදේශයෙන් පැරණි කාසි 2000 ක් පමණ සොයා ගත් බව ඔවුහු කියති. මැටි බඳුන් නිර්මාණයට යොදාගත් අත් ගල් කිහිපයක්ද සොයාගෙන ඇත. පසුගිය ජූලියේ ඵෛතිහාසික සිතුල්පව්වේ කැණීම්වලදී මීට බෙහෙවින් සමාන කාසි හමුවිය. එම කාසි රෝම යුගයේ කාසි විය හැකි බව මහාචාර්ය ඔස්මන්ඩ් බොපේආරච්චි කියයි.badhagiriya-coins(1) badhagiriya-coins coins1 coins2 coins3 coins4



අදහස් (0)

අ,පුරයුගයේ රෝමයෙන් මාගමට ඇවිල්ලා

කසුන් ධර්මවංශ Friday, 24 October 2014 07:31 PM

අපොන්සු.. ඔහේගේ නම දැක්කම කොහොමත් පේනවා පෘතුගිසි කාරයන්ට පන්දම් අල්ලපු පරම්පරාවකින් එන කෙනෙක් කියලා. මේ විදියට අපේ රටේ ඉතිහාසයට ගරහන්න එපා. මේකෙන් සනාථ වෙන්නේ ඒකාලේ වෙළද සම්බන්දකම් තිබුන කියල මිසක් නය ගත්ත කියල නෙමෙයිනේ. (නදී)

:       0       0

අපොන්සු Friday, 24 October 2014 07:19 AM

එ්කනේ කියන්නේ. අපි ඒ දවස්වලත් විදේශ ආධාර වලින් යැපිලයි තියෙන්නේ. මේක අපේ ජන්ම පුරුද්දනේ. (නදී)

:       0       0

කුමාර Friday, 24 October 2014 10:13 AM

මේ හෙළිවෙන්නේ වැළලීගිය අපේ පෞඪ අතීතයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site