
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු අද (17) සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරිමේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශ වලින් ප්‍රතිකාර සදහා පැමිණි රෝගීහු දැඩි දුෂ්කරතාවයකට පත්වුහ.
බාහිර රෝගී අංශයේ හා සායන රාජකාරිවලින් වෛද්‍යරුන් ඉවත්ව සිටින අතර අනෙකුත් සේවාවන් ක්‍රියාත්මකය.
අනුරාධපුර ශික්ෂණ රෝහල් භුමියේ සහ වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාර වල පවතින අනාරක්ෂත තත්වය හේතුවෙන් මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශික්ෂණ රෝහල් ශාඛාවේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් සේනතුංග මහතා පැවසිය.
පසුගිය සතියේදි වෛද්‍යවරුන්ගේ නිල නිවාස සංකීර්ණයේ ටී56 වර්ගයේ ගිනි අවි සදහා සදහා භාවිතා කරන හිස් පතුරම් කොපු 100 කට අධික ප්‍රමාණයක් හමුවු බවත් ඊට පෙර වෛද්‍යවරියන්ට තර්ජනය කිරිමත් වාර්තා වුවත් ඒ සදහා නිසි ක්‍රියා මාර්ගයක් බලධාරින් විසින් නොගැනිමට විරෝධය පළ කිරිම සදහා මෙම සංකේත වර්ජනය ආරම්භ කළ බ වද වෛද්‍ය සේනතුංග මහතා පැවසිය.

2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අ‘පුර රෝහලේ වර්ජනයක්
Lal Wednesday, 17 December 2025 01:28 PM
මේ අයට වර්ජන වලට පඩි දුන්නා නම්... අද කෝටිපතියෝ...