IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අහිංසාවෙන් උතුරේ ඡන්දේට එයි

ඉන්දු  ලංකා  ගිවිසුම හා  ඔස්ලෝ සම්මුතිය පදනම් කරගත්  දේශපාලන විසඳුමක් මෙරට  ජාතික ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය බව මෙවර  මහ මැතිවරණයට  තරඟ කරන හිටපු එල් ටී ටී ඊ  සාමාජිකයන්ගෙන්  සැඳුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රකාශයකු කිවේය.

මෙම කෝවිල වසර  133 ක්  පැරණි බව සඳහන් වේ. 1987 වසරේ  අගෝස්තු මස 04 වැනිදා  දිනක එල් ටී ටි ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්  එම පකෂයේ  යාපනය දිස්ත්‍රික් අපේක්ෂක එන්.විදහදරන්  මහතා  පැවසුවේ ආයුධ අතහැර  ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහනයට  එළැඹෙන බව සුඩුමලෛ අම්මන් කෝවිල අසල දී විශේෂ ප්‍රකාශයක්  කරමින් තම ආයුධ ඉන්දීය හමුදාව වෙත බාර දුන් බවත්  එම වැදගත් අවස්ථාව සිහිපත් කරමින්  තම ප්‍රතිපත්ති ප්‍රකාශය අම්මන් කෝවිල අසල දී අද (04) එළීදැක්විණි.

විද්‍යාධරන් මහතා සුඩරෝලි පුවත්පතේ හිටපු කතෘවරයකු ලෙස සේවය කර ඇත.

ශ්‍රී ලංකා රජය 2002 දෙසැම්බරයේදී කොටි සංවිධානය සමග නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී  ගිවිසුමකට එකඟ වෙමින් ශ්‍රී ලංකාවේ ගැටුමට විසඳුමක් සෙවීම සඳහා ඇති මාර්ග සොයා බැලිය යුතු යැයි තීරණය කළේය.

ඇන්ටන් බාලසිංහම් එම සාකච්ඡාවෙන් පසුව පැවසූයේ මේ සඳහා ශ්‍රී ලංකාවට අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතු බවයි. එම සාකච්ඡාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් මහාචාර්ය ජී.ඇල්.පීරිස් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතයා විය.

05_12_02_01

 

 



අදහස් (0)

අහිංසාවෙන් උතුරේ ඡන්දේට එයි

සංජය Wednesday, 05 August 2015 06:29 AM

ප්‍රජාතන්ත්‍රවාදයෙන් එන එක ඉතා සුභවාදී දෙයක්. . ඒ උනාට ඊලම නම් අත්හරින්නම වෙනවා. ඒකීය රජයක් තුල ජීවත් වෙන්න දැනගන්න ඕනේ. ෆෙඩරල් සහ සන්දීය ඔය කතා නවත්වන්න (නදී)

:       0       0

කුමාර් Tuesday, 04 August 2015 02:11 PM

පුල්ලි මාරුවෙන්නේ නැහැ මොන මුහුණු බැඳගෙන ආවත්. (නි)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 06:43 AM

උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප 2009 යුද ජයේ දරුවෝ (නදී)

:       0       0

රාමන් Wednesday, 05 August 2015 01:27 AM

මේ අය මේ ලෙස ඡන්දෙට එන්නේ මහින්ද මහත්තයා නිසයි. යුද්ධය අවසන්වුණේ නැත්නම් අපි මැරිච්ච තැන්වල ගසුත් නැහැ. කමක් නැහැ. ත්‍රස්තවාදයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සාදරයෙන් පිළිගනිමු. (නි)

:       0       0

ශාන්ත විදානගමගේ Wednesday, 05 August 2015 04:02 AM

නොමඟ ගිය අය සුමඟට ඇවිත් නම් එය හොඳ දෙයක්. ඔවුන් මේ රටේ නීතියට යටත් පුරවැසියන් ලෙස අප සැලකිය යුතුයි. අංගුලිමාලටත් රහත් වීමට පින් තිබුණු බව අප අමතක නොකළ යුතුයි. මෙහිදී වැදගත්වන එකම දෙය ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීමේ අවශ්‍යතාවයයි. අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වී අපේ රට ගොඩනැගීමට කටයුතු කළ යුතුයි.(නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 05 August 2015 04:28 AM

ජාතිවාදිත්වය අමතක කර මගේ රට යන හැගීම තුලින් මේ අය කරන්නට යෙදෙන්නාවූ දේශපාලන අරගලය මමත් අනුමත කරමි ශ්‍රී ලාංකිකයෝ වශයෙන්.(නදී)

:       0       0

ජයන්ත Tuesday, 04 August 2015 07:00 PM

ඔවුන් හිටපු කොටි සාමාජිකයන් වුණත් මේ රටේ පුරවැසියන්ය.මේ ආයුධ අතහැර එන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය අගයකළ යුතුයි.හැමදාම මේ අවිශ්වාසය අප අතර තියාගන්නද...? දැන් ඔය ජ.වි.පෙ. යස අපූරුවට ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ලා ඉන්නේ.අප මෙය අගය කරමු .මින් ඉදිරියට වෙනම රටක්,ජනවාර්ගික කලාපයක් ,ජනවාර්ගික නීති අවශ්‍ය නැත.සියලුදෙනා සමාන වියයුතුයි.බහුතර සිංහල ප්‍රජාවට වෙන්වීමට අවශ්‍ය නැතිබව දැනගත යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 234 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site