IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අහුබුදු ගුණ සමරුව නිකිණි මහේ

දැයෙන්  සමුගත්  අරිසෙන්  අහුබුදු  ශුරින්ගේ  සිව්වැනි ගුණානුස්මරණය ලබන අගෝස්තු  මස 26 දා  කොළඹ 07 ශ්‍රි  සම්බුද්ධ ජයන්ති  ශාලාවේදී  පැවැත්වීමට යයි.

හෙළ බසට , කවියට , ගීතයට , සිංහල සාහිත්‍යයට  අමිල මෙහෙවරක්  ඉටු  කළ අරිසෙන්  අහුබුදු  ශුරින් වර්ෂ 1920 මාර්තු  18 දා  කොග්ගල මලලගහ  මුදියගහවත්තේ  උපත ලැබුවේ  දරු  තිදෙනකුගෙන්  යුත්  පවුලක දෙවැනියා ලෙසය.

කතලුව රජයේ  පාසලෙන්  මුලික අධ්‍යාපනය ලබා  ගුරු වෘත්තිය තම ජිවන රටාවට  එකතු  කරගත්  අහුබුදුවන්  වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ  නිට්ටඹුව රජයේ  ගුරු  අභ්‍යාස විද්‍යාලයයෙනි.

වසර  හතළිස්  දෙකක් ගුරුවරයකු  ලෙස අනුපමේය මෙහෙවරක්  ඉටු  කළ අරිසෙන්  අහුබුදු  ශුරින්  කවියකු  ලෙස කළ සේවය අමරණිය වන්නේය. ගද්‍යයෙන් පවා  පැහැදිලි  කිරිමට අපහසු  වියරණ ගැටලු , අභිධර්මය පිළිබඳව දහම්  කරුණු  පද්‍යයට  නැඟිම ඔහුට පහසු කරුණක්  විය. සිංහල සාහිත්‍යයට නව නළු රසයට  දසවැන්න හා  එකළොස්වැන්න එක්  වුයේ  ඔහු  විසින්  රචිත 1969 දි  පල කළ රස දහරෙනි.

ඔහු  හෙළ කවියට  ඉටු  කළ සේවයෙන්  බිඳකි. එසේම ගීත රචකයකු  ලෙස ඔහු  දැක්වු  කුසලතාවය බෙහෙවින් ම අගය කළ යුතු  වන්නේය. අහුබුදු ශුරින්ගේ  දේශාභිමානී  ගී අදටත්  හෙටටත්  සදා කල්ම ගී අම්බරයේ  කනක තරුවක්   ලෙසින්  දිලි  දිලි  පවතින්නේ ලාංකික ජන හදවතක්  කුල්මත්  කරවමිනි. ඒ අනුව අද ජනතා සිත් සතන්  ඇඳගත්   “ලංකා  ලංකා  පෙම්බර  ලංකා පිනවමු  ඔබ ලංකා “ ඉන්  එකකි. ළමා  ගීත රචකයකු  ලෙස අහුබුදුවන්  දිනාගත්  ස්ථානය ද අදටත්  අසමසමය.

ඉතිහාසඥයකු, භාෂා විශාරදයෙකු වු ඔහු හෙළ පවුලේ  ප්‍රධානිය  මෙන්ම අනුශාසකවරයකු  ලෙස හෙළ බසට  කළ මෙහෙවර  සදා  අගය කළ යුතු වන්නේය.



අදහස් (0)

අහුබුදු ගුණ සමරුව නිකිණි මහේ

ගාමිණී Monday, 29 June 2015 09:58 AM

ඔබට සම කළ හැකි එවැනි විද්වතෙක් මේ තුන් සිංහලයේ නැවත උපන්නොත් එය ජාතියේ වසානාවකි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site