(සුජිත් හේවාජුලිගේ)
ව්‍යවස්ථා සංශෝධනයට මුවාවී රටට හානිකර යෝජනා ගෙනාවොත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත් කරන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ හොරොව්පතාන මොරවැව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා විවාදයට ගැනීමට නියමිත විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත කාරක සභා අවස්ථාවට යොමු කරන අවස්ථාවේදී විවිධාකාර නව යෝජනා ගෙන ඒමට සැලසුම් කර ඇතැයි වාර්තා පළවන බවත්, ඒආකාරයෙන් නව සංශෝධන ගෙනඒමට බලාපොරොත්තු වන්නේ නම් විවාදය ආරම්භ වන බ්‍රහස්පතින්දා උදෑසනම ඒ පිළිබඳව රටට පවසන ලෙසත් ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇති වෙනස්කම් හැරුණු විට කිසිදු නව යෝජනාවක් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීම නුසුදුසු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
රට අසීරුතාවට පත්ව ඇති මේ අවස්ථාවේ අවස්ථාවාදීන්ට අවශ්‍ය ආකාරයට රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට ඉඩප්‍රස්ථා සැලසීම මහ ද්‍රෝහී කටයුත්තක් බව මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අහිතකර යෝජනා ගෙනාවොත් විසි දෙක පරාජය කරනවා
මැක්ස් Tuesday, 04 October 2022 08:15 PM
දැන හෝ නොදැන ඔබතුමන්ලා ඩලස් වටා එකතු වී සිදු කරන්නෙත් බෙදුම්වාදී උවමනා තමයි...
w.s.bandula Tuesday, 04 October 2022 09:25 PM
21 ගෙනෙන විට කුක්කො වගේ අත උස්සලා දැන් වීරයෝ වෙන්න හදනවා.
Godaya Wednesday, 05 October 2022 09:19 AM
උගත් නූගතා එල්ලෙන්න වැලක් නැතුව වේලෙනවා වගේ....!