IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අසූ ලක්ෂයේ වෙළඹ මහවැලියෙන් ගොඩ ගනී

කෑගල්ලේ පින්නවල සිට ප්‍රතිකාර සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයට ගෙන ආ ගැබ්ගත් වෙළඹක මහැවැලි ගගේ හල්ලොලුව වඳුරාපැනි ඇල්ලෙන් ගොඩගත් බව ගැමියෝ කියති.

මේ වෙළඹ සත්ත්ව විද්‍යා පීඨයට ගෙනවිත් ඇත්තේ ආමාශ ගත වූ ඉටිකොලයක් ඉවත්කිරීමේ සැත්කමක් සඳහාය. එම සැත්කම අවසන්කර සිටිය දී වෙළඹ බැඳ තිබූ බැමි කඩාගෙන පැනගොස් ඇති බවත් සත්ත්ව විද්‍යාපීඨය පසුපස ඇති මහවැලි ගඟට ඇය වැටෙන්නට ඇති බවත් සත්ත්ව විද්‍යාපීඨයේ නිලධාරින් කියයි.

ගඟේ ගසාගෙන ගිය වෙළඹ ගොඩට ගෙන ඇත්තේ අශෝකන් නමැති අයකු විසිනි. ඔහු පවසන්නේ විද්‍යාපීඨය අසළ සිට වෙළඹ ගොඩගත් තැනට කිලෝ මීටර තුනහමාරක් පමණ දුර ඇති බවයි.

වෙළඹගේ වටිනාකම රුපියල් ලක්ෂ 80 ක් පමණ බව හිමිකරු පවසයි.

ගොඩටගත් වෙළඹට පශු වෛද්‍යවරු ප්‍ර‍තිකාර ඇරඹූහ.

Mahawweli hose (2) Mahawweli hose (3) Mahawweli hose (4)

අශ්වයා බේරාගත් අශෝකන්



අදහස් (0)

අසූ ලක්ෂයේ වෙළඹ මහවැලියෙන් ගොඩ ගනී

සුකිරි Sunday, 13 December 2015 09:38 AM

වනක්කම් සහෝදරයා... ඔබට බොහොම පින් කරපු දේට. (ස)

:       0       0

නාලක Sunday, 13 December 2015 10:04 AM

අප්පට සිරි මේ අර බකිංහම් මාලිගාවෙන් ගෙනා නාමල්ගේ රත්තරන් අස්සයා එහෙම නෙමෙයි නේද? (ස)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Sunday, 13 December 2015 10:28 AM

සතෙකුගේ වුණත් ජීවිතයක්නේ. එකක් නෙමෙයි, ජීවිත දෙකක් බේරාගත් අශෝකන්ට පින්සිද්ධ වෙනවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 13 December 2015 10:37 AM

ලක්ෂ අසුවක් කියන්නේ මේ සතා රත්තරන්ද? (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Sunday, 13 December 2015 11:21 AM

යහපාලන අය පහුගිය දවස්වල රත්තරන් අශ්වයෝ ගැන කිව්වේ මේ ගොල්ලන්ටද දන්නේ නැහැ (නි)

:       0       0

ඇසළ Sunday, 13 December 2015 11:23 AM

වටිනාකම අනුව බලන කොට හයිබ්‍රිඩ් වෙළඹක් වගේ පෙනෙන්නේ. බලධාරියෝ දන්නවා නම් බදු දෙගුණයක් කරයි අශ්වයින් ඇතිකරන අයට. අමතකවීමක් වෙලා මේ පාර අයවැයට අහුවෙලා නැහැ වගෙයි. (නි)

:       0       0

ඩඩ්ලි Sunday, 13 December 2015 12:26 PM

මූ අසනීපයෙන් ඉඳලත් කොහේ යන්න ගියාද දන්නෙ නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 13 December 2015 12:56 PM

සෑහෙන වටිනවනේ මේ සතා (නි)

:       0       0

සමන් Sunday, 13 December 2015 01:17 PM

අනේ මෙච්චර වියදම්! 80 ලක්ෂයක් වෙළඹක් වෙනුවෙන් ......? (නි)

:       0       0

තිස්ස Sunday, 13 December 2015 01:27 PM

මේ සත්වයාට ඉක්මන් සුවය ලැබේවා! බලධාරීන් මීටවඩා වගකීමෙන් වැඩකරන්න (නි)

:       0       0

වසන්ජය Monday, 14 December 2015 11:37 PM

ඇමරිකාවේ බකිම්හැම් පැලස් එකේ අශ්වයෙක් කීයක් විතර වෙනවද දන්නෙ නැහැ (නි)

:       0       0

මහේන් Sunday, 13 December 2015 02:57 PM

සාමාන්‍යයෙන් හොඳ අශ්වයෙක් රුපියල් මිලියන 40-50 ක් විතර වෙනවා (නි)

:       0       0

නලීන් Sunday, 13 December 2015 08:45 AM

ලක්ෂ 80 ක් පමණ වෙන්නේ ඉම්පෝර්ට් කරනකොට වාරයේදී තීරුබදු අය කරපු නිසාද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site