IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අසු දැක්මේ නැටුමක් ලංකාවෙන්

ලෝකයේ විශාලතම අශ්ව ප්‍රදර්ශනය   ඉතාලියේ වෙරෝනා නුවරදී පැවැත්වීණි. වෙරෝනා නගරසභාව සංවිධානය කරන මෙම අශ්ව ප්‍රදර්ශනය බැලීමට ලක‍ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණෙන අතර ලෝකයේ නොයෙක් රටවලින් වටිනා අශ්වයනුත් ගෙනෙති. ඉතාලි ජාතික නැටුම් ගුරුවරියක වන රිටා පවනෙල්ලොගේ වෙරෝනා කලා ආයතනයේ වසර දාහතරක් පුරා නැටුමි හදාරන දිලිණි රන්දි පහලවත්ත(18)   ඉතාලි ජාතික තරුණ තරුණියන් පිරිසක් සමග හින්දි ගීතයකට මෙම ප්‍රදර්ශනයේදී නැටුමක් ඉදිරිපත් කළාය. පිලියන්දල සමන් ප්‍රිය පහලවත්ත හා රේණුකා පහලවත්ත ඇගේ දෙමව්පියෝය.  වෙරෝනා තබෝදා රංග ආයතනයේ මල්ලිකා වනිගසේකර මහත්මිය යටතේ වසර දහයක් පුරා දේශිය නැටුමි කලාව ද හදාරන දිලිණි ලබන වසරේ පාදෝවා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීම සදහා වරම් ලබා සිටියි.



අදහස් (0)

අසු දැක්මේ නැටුමක් ලංකාවෙන්

පිටිගල Thursday, 14 February 2013 12:46 PM

හින්දි ගීත කියන්නේ සිංහල ගීත නැති නිසාද? (නි)

:       0       0

චුලා Thursday, 14 February 2013 04:47 PM

අපේ දෙයක්නේ අපි අගය කරමු (දී)

:       0       0

මාලා Thursday, 14 February 2013 04:52 PM

කාටද ආඩම්බර (දී)

:       0       0

චාමර Thursday, 14 February 2013 01:08 PM

මේක අපේ නැටුමක් කියන්නේ කොහොමද? හින්දි කොපියක්නේ... කිසිම දෙයක් කොපි කරලා අපේ වගේ පෙන්නන්න එපා.(ස)

:       0       0

මහින්ද හේමන්ත Thursday, 14 February 2013 01:23 PM

අපේ කම ඇති අපේ ගීත හැර පිටරට ගීත මොකටද? මේ රංගනය අපේ වෙන්නේ කොහොමද? (ස)

:       0       0

නාලක Thursday, 14 February 2013 05:25 PM

ලංකාවටනේ ආඩම්බර (දී)

:       0       0

වගුරේගම Thursday, 14 February 2013 01:37 PM

හොඳ වැඩක් කෙල්ලේ....(ස)

:       0       0

සෑම් Thursday, 14 February 2013 05:49 PM

ලක් මාතාව දිකුකල් දිනේවා (දී)

:       0       0

ජයකොඩි Thursday, 14 February 2013 06:12 PM

ලක් මාතාව දිනේවා (දී)

:       0       0

අමිල Thursday, 14 February 2013 06:15 PM

එතකොට දිලිනි විතරද ලංකාවෙන්? (නි)

:       0       0

අමිල Thursday, 14 February 2013 06:14 PM

ලංකාවටනේ ආඩම්බර (දී)

:       0       0

සුනිල් Thursday, 14 February 2013 01:58 PM

දිලිනි දුවේ ඔයා ඉතාලියේ ඉපදුනු කෙනෙක් වෙලත් තවම ලංකාවේ විදියටම ජීවත් වෙන එක අපිට ගොඩක් වටිනවා (ස)

:       0       0

රොෂාන් Thursday, 14 February 2013 02:12 PM

ශාන් ඔයා දන්නවද අර සුනිල් පෙරේරා කියන ගායකයා කියන සිංදුව,, ඒකනම් හොඳයි අශ්ව නැටුමට (ස)

:       0       0

අසෝක Thursday, 14 February 2013 02:32 PM

හරිම ආඩම්බරයි ! කොහොම කවුරු කිව්වත් අපේ රටට නරක නාමයක් නැතිව ලස්සන දේවල් කරන එක කොයි තරම් හොඳ දෙයක්ද ? දුවේ නුඹට සුභ පැතුම්....(ස)

:       0       0

රන්දික Thursday, 14 February 2013 02:33 PM

සිංහලකමක් මේකේ ගෑවිලාවත් නැතිකොට මේකෙන් කොහොමද අපේ රට නියෝජනය වෙන්නේ? (නි)

:       0       0

නීලා Thursday, 14 February 2013 02:38 PM

ඇත්තටම අපේ කියලා අනන්‍ය කිසිම දෙයක් ලෝකෙට දෙන්න කවුරුවත් බලන්නේ නැත් ද ? (ස)

:       0       0

චූලා Thursday, 14 February 2013 02:39 PM

ශාන් ගස් අස්සේ නටන හිංදි ගීතද එතකොට හොඳ? (ස)

:       0       0

මාලක Thursday, 14 February 2013 02:38 PM

අපි ඉතින් මොකක් කරත් අනුකරණය කරන්න දක්ෂයි...(ස)

:       0       0

සූකිරි Thursday, 14 February 2013 02:38 PM

කොහෙන් ගියත් අපි ඉන්දියාවට කඩේ යන එක නම් නවත්වන්නේ නෑ... (ස)

:       0       0

සුධීර Thursday, 14 February 2013 02:41 PM

අපි කඩේ යන්නෙම අපිට හතුරැ කම් කරන රටවපටමයි... (ස)

:       0       0

සුභසිංහ Thursday, 14 February 2013 02:39 PM

ඔය ඉතාලි ඉන්න සුද්දෝ පළවෙනි පාරටද ඉන්දියන් නැටුම් දැක්කේ... (ස)

:       0       0

ලලිත් Thursday, 14 February 2013 02:53 PM

ෂාන් ... ඔයාගේ නමෙන්ම පේනවනේ ලංකාවේ ඉපදුනාට ලංකාවට අයිති නැහැ කියලා.... හරිම කණගාටුයි... අපේ කට්ටියගේ ඉන්දීය අනුකරණය ගැන නම්... (ස)

:       0       0

ලලිත් Thursday, 14 February 2013 02:56 PM

කොහොම උනත් ඉන්දියාව අනුකරණය කරන අපේ අයට ඉන්දියාවේ දස්කම්වලට කිට්ටු කරන්නවත් බැරි එක ගැන නම් කණගාටුයි... (ස)

:       0       0

වීරසිංහ Thursday, 14 February 2013 02:56 PM

සුනිල් ඔයා කොහොමද නැටුමක් දිහා බලලා ලංකාවේ තාලෙට ජීවත් වෙනවා කියන්නේ මේ ළමයා ඉතාලි ජාතිකයෙක්...(ස)

:       0       0

හිල්ම් Thursday, 14 February 2013 03:46 PM

ලංකා මාතාවගේ දරුවෝ (දී)

:       0       0

ගාමිනී Thursday, 14 February 2013 03:46 PM

මඩවල මල්ලී ඔය තටු දක අල්ලාගෙන ඉන්නේ ඉතාලි නැටුම් ගුරුවරියද ? ශිෂ්‍යාවක්ද? (ස)

:       0       0

හිල්ම් Thursday, 14 February 2013 03:54 PM

ලංකා දියණියට අපේ ප්‍රණාමය (දී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 14 February 2013 04:01 PM

ලංකාවේ නටන නෑටුම් වලට වඩා හොඳ නම් එච්චරනෙ(ස)

:       0       0

අනුර Thursday, 14 February 2013 12:01 PM

හින්දි ගීයකට නටන්නේ නැතිව අපේ ගීතයකට වැඩේ කලා නම් තවත් අගෙයි නේද ? .(ස)

:       0       0

ඉසාම් Thursday, 14 February 2013 12:12 PM

අපිට සතුටුයි...! ඒත් මේක සාමාන්‍යයි. හැම රටකම ලංකාවේ අය කුමන හෝ නියෝජනයක් කරනවා. (ස)

:       0       0

ශාන් Thursday, 14 February 2013 12:15 PM

අපේ මොන ගීතයද හොඳට තියෙන්නේ?(ස)

:       0       0

නීෂා Thursday, 14 February 2013 12:22 PM

අතිවිශිෂ්ඨයි...!(ස)

:       0       0

නිහාල් Thursday, 14 February 2013 12:27 PM

දිලිනි දුවට මගෙන් සුභ පැතුම් ! ඔබගේ ආකර්ශනීය රංගනයට. හොඳින් ඉගෙන ගෙන දිරිමත් දියනියක් වේවා කියා මම ප්‍රාර්ථනා කරමි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site