IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


අසරණ දරුවන් වෙනුවෙන් අරමුදල්වලට සල්ලි දෙන්න මම නොමිලේ ප්‍රසංග කරනවා

2016-11-06-ent-83

‘මං පුංචි වෙළෙන්දා... ස්විප් විකුණාලයි ජීවත් වෙන්නෙ....

මාමේ නැන්දේ... අයියේ අක්කේ...

එන්න සූරාලා බලන්න...’

 

මේ ගීය විතරක් නෙවෙයි ගම් නියම් ගම්වල රැව් දුන් රුවන්ගෙ ගීත බොහොමයක් තියෙනවා.

2016-11-06-ent-81වෛද්‍ය වෘත්තියේ වටිනාකම සහ තමන්ගෙන් රටට සිදුවිය යුතු සේවය රුවන් හොඳ හැටි තේරුම්ගත් කෙනෙක් කියලා අපිට හඳුන්වාදෙන්න පුළුවන්. මොකද පසුගිය දවසක හරි අපූරු සත්කාරයකට රුවන් සම්බන්ධ වෙලා තිබුණා. මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා නොගෙන නිහඬව කරපු මේ කාර්ය අගයන ගමන් හඳසරින් අපේ කතාබහට සම්බන්ධ කරගන්න පුළුවන් වුණා රුවන් ශ්‍රී ලාල් දල්පදාදු.

 

මේ දවස්වල මොකද කරන්නේ?

සුපුරුදු විදියට රජයේ වෛද්‍යවරයෙක් විදියට වෘත්තිය කටයුතු කරනවා. ඒ අතර සිකුරාදා, සෙනසුරාදා දිනවල එළිමහන් ප්‍රසංගවලට සහභාගී වෙනවා.

 

ඔබේම කියලා දැන් සංගීත කණ්ඩායමක් තියෙනවා නේද?

කිරිඇල්ල Friends කියන බෑන්ඩ් එක. එකේ මම සන්නාම කළමනාකරු විදියට තමා ඉන්නේ. පසුගිය දවසක අපි සංගීත කණ්ඩායම මගින් නොනවතින ගී පෙළක් සහ අලුත් ගීත කිහිපයක් පවා කළා. ඒවා ඉදිරියේදී අහන්න ලැබෙයි. ඒ වගේම අපිට එළිමහන් ප්‍රසංගවලට ආරධනා ලැබෙනවා. ඒවත් කරන ගමන් තව ඉදිරියට නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබේ ඒකපුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්තුවා නේද වීදී දරුවන් වෙනුවෙන්?

2016-11-06-ent-82ඔව්. ඇත්තටම මම ඒකට සම්බන්ධ වුණේ ඉතාම කැමැත්තෙන්. මොකද අම්මලා තාත්තලා නැති ඒ වගේම මවුපියන් හිටියත් හරි අධ්‍යාපනයක් රැකවරණයක් නැති වීදී දරුවන් පිරිසක් වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ පරමාර්ථයෙන් කරපු වැඩක්. ඒක කළේ මීගමුව අධ්‍යාපන කලාපය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහවීදිය ශාන්ත මරියා දේවස්ථානය පොලීසියේ හා පරිවාස දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පවත්වාගෙන යන ප්‍රජා ඉගෙනුම් මධ්‍යස්ථානය මඟින්. මෙහි වීදී දරුවන් 60ක් පමණ ඉගෙනුම ලබනවා. මේක සත් කාර්යයක් විදියට මම දැක්කේ. ඉතින් මම සත පහක්වත් අය නොකර මගේ ඒකපුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්තුවා. ඒ තුළින් ලද මුදල් ඒ අරමුදලට බැර කළා.

 

ඔබ නිතර රූපවාහිනිය හරහා දකින්න එහෙම නෑ. ඒ ඇයි?

ඒකට හේතුව මම රූපවාහිනී සංගීත වැඩසටහන් සඳහා සහභාගී වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසා තමා මාව නිතර දකින්න නොලැබෙන්නේ. මම වසර 8ක් විතර ස්වර්ණවාහිනී එකේ channel D කියන වැඩසටහන කළා. නමුත් තියෙන අවිවේකී බව එක්ක ඒකට සහභාගී වෙන්න කාලය පවා ටික ටික අඩු වුණා. කොහොමත් මගේ අදහස අපි නිතර රූපවාහිනිය හරහා දකින්න ඕනේ නෑ කියලා.

 

ඇයි ඒ?

මම රූපවාහිනිය හරහා එන්නේ ගායකයෙක් විදියටනේ. ඉතින් මම හිතන්නේ එළිමහන් ප්‍රසංගවලදී විතරක් මාව ඒ විදියට දැක්කම ඇති කියලා. නමුත් මගේ තනි Interview එකකට වගේ කතා කළොත් මම යනවා. මම කියන්නේ නිතර රූපවාහිනිය හරහා ප්‍රේක්ෂකයින් අතරට යන්න ඕනේ නෑ කියන තැන මම ඉන්නවා. එහෙම නැතුව ආරාධනා නැතුව නෙවෙයි.

 

ඔබ පොඩි කාලේ ඉඳන්ම ජනප්‍රිය වුණු කෙනෙක්. කොහොමද ඒ කාලේ ඒ ජනප්‍රියත්වය දැනුණේ?

මෙහෙමයි. මට නම් පොඩි කාලේ ඇත්තටම තේරුණේ නැහැ මොකක්ද මේ ජනප්‍රියත්වය කියලා. මම වේදිකාවට ගිහින් සින්දු කියද්දී මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා මම තවත් උනන්දුවෙන් මට කළ හැකි උපරිමයෙන් ඒ ගීත ගායනා කළා. එච්චරයි.

 

දැන් මොකද හිතෙන්නේ ජනප්‍රිය කෙනෙක් වීම ගැන?

ඇත්තටම ඒක හොඳයි. සමාජය තුළදී බොහෝ දෙනා දැන හඳුනනවා. පෞද්ගලිකව ගත්තම ඒක හොඳ ආභරණයක්. ඒ හරහා සමාජයට දෙයක් කරන්න පුළුවන්කම පවා තියෙනවා. නමුත් සමහර උදවිය මේ ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය කියන දේවල් හොඳට වගේම නරකටත් භාවිත කරනවා. මම හිතන්නේ ඒ දේ හොඳ දේට විතරක් භාවිත කරනවනම් හොඳයි.

 

පවුලේ විස්තර?

මගේ අම්මා ශ්‍රිකාන්ති දල්පදාදු. තාත්තා පැට්‍රික් දල්පදා. දු මගේ ගීත ඔක්කොම ලියන්නේ අම්මයි තාත්තයි. සියලු ගීත සංගීතවත් කළේ මගේ මාමා නිරංජන් හෙට්ටිආරච්චි. ඒ ගැනත් මතක් කරන්නම ඕනේ. මම දැන් විවාහවෙලා ඉන්නේ. මගේ බිරිය නිලක්ෂි. එයත් රජයේ වෛද්‍යවරියක්. මට පුතෙක් සහ දුවක් ඉන්නවා.

 

අනාගත බලාපොරොත්තු?

ලොකුවට බලාපොරොත්තු කියලා දෙයක් නැහැ. හොඳින් ජීවත් වීම තමා බලාපොරොත්තුව. ඒ වගේම මට උවමනාවක් තියෙනවා අර මම කලින් කළා වගේ අසරණ දරුවන් වෙනුවෙන් තව දේවල් කරන්න. සැබැවින්ම සමාජ සත්කාරකත්වයක් මූලික වෙච්ච දෙයකට මම මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය නොමිලේ කරනවා. හැබැයි ගොඩනැඟිලි හදන්න තාප්ප හදන්න වගේ දේවල් වලට නෙවෙයි. අපේ අනාගත පරපුර වෙනුවෙන් කරන දෙයක් නම් තමා මම කැමති. විශේෂයෙන් දරුවන් වෙනුවෙන් කරන දෙයකට මම සහභාගී වෙන්න කැමැත්තෙන් ඉන්නවා.

 

නීෂා රන්සිත්

 

2016-11-06-ent-84



අදහස් (0)

අසරණ දරුවන් වෙනුවෙන් අරමුදල්වලට සල්ලි දෙන්න මම නොමිලේ ප්‍රසංග කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site