IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අසාධ්‍යව නිවෙසට ආ අලි පැංචා විලාප නඟයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

දැඩි ලෙස අසාධ්‍ය වු අලි පැංචකු නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයෙ නිවසක මිදුලකට අද දින අලුයම පැමිණ අසරණව වැටි සිටියදී වනජීවි නිළධාරින්ට දන්වා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළේය.

මහමැද්දෑව ගම්මානය ආසන්නයෙ සිට ආරම්භ වන තබ්බෝව අභය භුමියෙ සිට පැමිණි බවට සැකකරන මෙම අලි පැටවා විදුලි අලි වැටෙන් පැන ගම්මානයෙ නිවැසියකුගෙ මිදුලකට පැමිණ සිටි බව කියයි.

වයඹ වනජීවි පශු වෛද්‍ය ඒකකයෙ පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පවසා සිටියෙ මෙම අලි පැටවා හක්ක පටස් පිපිරිමකට ලක්ව මුඛ්‍ය තුළ තුවාල සිදුව ඇති බවත් ඒ සමගම සිරුරේ ස්ථාන කිපයකට වෙඩි වැදි තුවාල සිදුවිමේන් සිරුර පිටත හා අභ්‍යන්තරය තුළ තුවාල සිදු විමේන් අසාධ්‍යව මෙසේ ඇද වැටි සිටි බවයි.

අවුරුදු පහක් පමණ වයසකින් යුත් මෙම අලි පැටවා අඩි පහක පමණ උසකින් යුක්ත බව වනජීවි නිළධාරින් පවසයි.

අසාධ්‍යව සිටි අලි පැටවා පිහිට පතා නිවෙස ඉදිරිපිට මිදුලේ ඇද වැටි විලාප තැබු බව නිවෙස් හිමියා පවසයි.



අදහස් (5)

අසාධ්‍යව නිවෙසට ආ අලි පැංචා විලාප නඟයි

Bempi Saturday, 12 November 2022 10:44 PM

අනේ මේ අහිංසක සතුන්ටවත් නිදහසේ ඉන්න නැහැනේ. ඔබ‍ට ඉක්මන් සුවය ලැබේවා.

:       0       51

SAMAKAMI Sunday, 13 November 2022 12:16 AM

වන ජීවයේ සොහොයුරාලානණි, අනේ, මෙි පාරිලෙය්‍ය පරපුරේ අහිංසක සතාගේ ජීවිතය බෙිරා ගමිමු. සතාටත් සොහොයුරන්ටත් කඩවර දෙවියන්ගේ ශක්තිය කාන්දු වෙිවා!!!

:       1       42

Nuwan Sunday, 13 November 2022 12:31 PM

හක්ක පටස් තියපු පරයාටත් හක්ක පටස් එකක් දෙන්න ඕනෑ... මොන සක්කිලිද මේවා කරන්නේ සත්තුන්ට...!

:       0       35

චතුරි Sunday, 13 November 2022 06:12 PM

හරිම අහිංසක සත්තු... ලොකු පන්සල්වල හාමුදුරු ගොල්ලන්ට පුළුවන්නේ. අලි ඇත්තු වෙනුවෙන් වැඩ කරන්න දළදා මැදුරේ සිට හැම පන්සලකම අලි ඉන්නවා. හැම සතාම එකයි පුරුදුකරලා ගත්තාම... කොහොම වුණත්, මේ සත්තුන්ගේ පෙළපත... ලොකු පන්සල්වල ඉන්න හාමුදුරුවන් ළඟ... අධික ධනවත් මිනිසුන් හා සමානව මුදල් තියෙනවා. නමුත්, මේ සත්තු වෙනුවෙන් එක සතයක් වෙන්කරනවාද? කොහෙවත් යන නළඟනකට ප්‍රකෝටි ගණනින් වියදම් කරලා සැප වාහන අරන් දීලා. ඔහොමද නිවනට මග පාදා ගන්නේ...? මේ සත්තු වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කරන්න කිසි කෙනෙක් කටයුතු කරනවාද?. පිටරටවල පන්සල්වලට තෑගිදෙනවා. නමුත් තමන්ගේ රටේ ඉන්න සතා දුක් විඳිනවා. මේ සතාගෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ පන්සල්වල පෙරහැර පටන් ගන්න කාලෙට... රටේ ජනතාවගෙයි, මේ සත්තුන්ගෙයි ජීවිත එකහා සමානයි. අන්ත අසරණයි. නඩේ කාලා සතුටින් ඉන්නවා. පෙරහරේ යන සත්තු විතරක් සැප විඳිනවා. ඒ සත්තු වයසට ගිහින් මැරෙනකොට... ආපහු යනවා පින්නවලට... උස මැනලා, කීකරු හොඳම අලියා අරන් ඇවිත්.... ජයට මගුල් කනවා. දැන් අලියට නම දාන්න... ප්‍රියමාලි කියලා

:       3       10

arschfikaa Sunday, 13 November 2022 10:54 PM

සුරුට්ටුවනුයි උන්ගෙ පන්සල්වල ඉන්නා නාකි දනවත් ලොකු හාන්දුරුවරුයි මෙවගැන බලන්නෙ නැහැනෙ. පුලුවන්නම් අලියවත් මරාගෙන අලිමස් කයි. හරක් මස්නෙ කන්න තහනම්. ලන්කාවෙ ඉපදුන අලිත් මහා දුක් විඳිනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 460 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16941 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site