(මනෝප්‍රිය ගුණසේකර)
බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගේ පිටකෝට්ටේ පිහිටි පර්චස් 24 ක ඉඩම වෙන්දේසි කිරීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් ලබන මස 14 වැනිදා අධිකරණයට කරුණු දැනුම් දෙන ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා පෞද්ගලික වාණිජ බැංකුවකට අද (27) නියම කළේය.
තමන්ට අයත් පිටකෝට්ටේ පිහිටි පර්චස් 24 ක ඉඩම වෙන්දේසි කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පුද්ගලික වාණිජ බැංකුවකට එරෙහිව අසාත් සාලි මහතා ගොනු කළ නඩුවක් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.
තමන්ට අයත් පිටකෝට්ටේ පිහිටි පර්චස් 24 ක ඉඩම වගඋත්තරකාර පුද්ගලික වාණිජ බැංකුවකට උකස් කොට රුපියල් මිලියන 58කට ආසන්න මුදලක් ලබා ගත් බවත් එම මුදල් නොගෙවීම හේතූවෙන් අදාළ දේපළ වෙන්දේසි කරන බවට බැංකුව පුවත් පත් දැන්වීම් පළ කොට ඇති බවත් සඳහන් කරන පෙත්සම්කාර අසාද් සාලී මහතා තම ඉඩම වෙන්දේසි කිරීමෙන් වගඋත්තරකාර බැංකුව වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්ද කොට ඇත.
පෙත්සම කැඳවු අවස්ථාවේදී වගඋත්තරකාර බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් පැමිණිලිකාර අසාත් සාලි මහතා පිටකෝට්ටේ පිහිටි පර්චස් 24ක ඉඩම උගසට තබා රුපියල් මිලියන 58කට ආසන්න මුදලක් ණය පහසුකමක් වශයෙන් ලබාගෙන ඇති බවත් ඔහු එකඟවු අන්දමට බැංකු ණය හෝ වාරික මුදල් ගෙවා නොමැති බවත් දැනුම් දුන්නේය.
එහෙයින් උගසට තැබු ඉඩම වෙන්දේසි කිරීමේ නීත්‍යානුකූල අයිතිය සිය බැංකුවට ඇතැයිද අසාත් සාලි මහතා ලබාගෙන ඇති ණය මුදල හෝ ඉන් ප්‍රතිශතයක් ආපසු ගෙවන්නේ නම් දේපල වෙන්දේසිය අත්හිටුවීමට හැකියාව ඇතැයිද කී නීතිඥවරයා අසාත් සාලි මහතා ණය මුදලෙන් යම් ප්‍රතිශතයක් ගෙවීම සඳහා එකඟ වන්නේ නම් දේපල වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් සමථයක් ඇති කර ගැනීමට හැකියාව ඇතැයිද පැවසීය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව දේපල වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය යම් එකඟතාවක් හෝ සමථයක් ඇති කර ගන්නේ නම් ඒ පිළිබඳව ලබන 14 වැනිදා අධිකරණයට දැනුම් දීමට නියම කළ විනිසුරුවරයා මෙම නඩුව 14 වැනිදා යළි කැඳවීඹට නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අසාත් සාලිගේ ඉඩමක් වෙන්දේසි කිරීම: අධිකරණයට කරුණු කියන්න බැංකුවකට නියෝග
හනීෆා Friday, 28 October 2022 06:08 AM
ණය ගන්න හොදයි ගෙවන්න බැහැ බැංකුව ණයට දෙන්නෙ ඔවුන්ගේ මුදල් නොවෙයි තැන්පතු කරුවන්ගේ මුදල් ඉතින් ඒවා මෙහෙම වංචා කාරයින් ආපසු නුදුන්නාම එලඹුනු ගිවිසුම අනුව කටයුතු කරනවා මිස වෙන මොනවා කරන්නද ඇත්තටම මෙහෙම එවුන් රට පාලනය සදහා යෙදෙව්වම රටට සෙතක් වේවිද හරිනම් මෙහෙම එවුන්ට කරන්න ඕන ඉඩමත් විකුණා දඩයකුත් ගැසීමයි