IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අශ්ව බේතට ලංකාවෙන් ගොළුබෙල්ලන්

අශ්වයන්ට දෙන ඛෙහෙතක් පිළිබඳ  පර්යේෂන කිරීම සඳහා ගොළුඛෙල්ලන්ද, තවත් පර්යේෂනයක් සඳහා  ගෙම්බන්ද එකතු කළ රුසියානු ජාතිකයෝ තිදෙනෙක් ගාල්ල හියාරේ රක්ෂිතයේදී අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩි කරනු ලැබීය.

ඔවුන් මෙය  සංවිධානාත්මකව සිදුකරන්නට ඇතැයි වන ජීවී නිලධරයෝ කියති.

 



අදහස් (0)

අශ්ව බේතට ලංකාවෙන් ගොළුබෙල්ලන්

Gamini Saturday, 16 February 2013 08:41 PM

ගොළුබෙල්ලෝ, ගෙම්බෝ වඳවීගෙන යන දුර්ලභ ගනයේ ජීවීන්. සුද්දෝ ලංකාවට නෑවිත් රටට හෙන ගැහුවත් කමක් නෑ ගොළුබෙල්ලොයි ගෙම්බොයි ආරක්ෂා කරමු. (ස)

:       0       0

ගාමිණී Sunday, 17 February 2013 01:19 PM

ගෙම්බෝ ගොළුබෙල්ලෝ එක සැරේට බිත්තර දමන්නේ දහස් ගනනින්. ඉදුනිල්ට නොතේරුනාට වන ජීවී නිලධාරීන් දන්න නිසයි මහේස්ත්‍රාත් තුමාට ඉදිරිපත් කරලා තියෙන්නේ. (නදී)

:       0       0

තිලකගේ Saturday, 16 February 2013 10:05 PM

රටට වින කරන්න එන මේ අයත් අර සංචාරකයන්ගේ ගානට එකතු කරනවද ? (ස)

:       0       0

ඉදුනිල් Saturday, 16 February 2013 11:10 PM

ගාමිණී, ව්‍යංගාර්ථයෙන් පඬි වදන් කියවන්නේ තමන්ගේ නොදැනීම ප්‍රදර්ශනය කරනවත් එක්කමයි. (නි)

:       0       0

සෙනරත් Sunday, 17 February 2013 12:05 AM

තව අනෙත් අය මොන මොන බෙහෙත් හොයන්න ලංකාවට එනවද දන්නෙ නැහැ. (නි)

:       0       0

ලීල්-නෙදර්ලන්තයේ Sunday, 17 February 2013 12:30 AM

යුරෝපයේ මෙවැනි දේවල් තහනම්. ඒ නිසා තමයි අපේ රටවල්වලට ඇවිත් මේවා කරන්නේ. උපරිම දඩුවම් දිය යුතුයි.

:       0       0

චන්ද්‍රා Sunday, 17 February 2013 01:27 AM

ඔය කෙලියෙන් අපේ රටට එන සුද්දෝ වද කරන්න එපා.(නදී)

:       0       0

බන්දුල-කටාර් Sunday, 17 February 2013 02:05 AM

ලංකාවට එන සංචාරකයෝ ඩොලර් වියදම් කරන්නනේ නැති නිසා මේ විදියට හරි ඩොලර් ටික ගන්න බලමු.(නදී)

:       0       0

තුසල් Sunday, 17 February 2013 05:28 AM

ලලිත්, නයනී හැම ලිපියටම මොනවා හරි ලියන්න එපා. ලිපිය වගේම එයට අදාල අදහසුත් මිනිසුන්ට ඔලුවට යමක් ලැබෙන දෙයක් විය යුතුයි. මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉදිකිරීම් වලට පස් කපනකොට පොඩිඩක් හෝ අමුතු හැඩයේ ගලක් හමුවුනොත් වැඩේ නවත්තලා පරිසර නිලධාරියෙක් ගෙන්නලා බලනවා, එක්කෝ පුරා විදයාත්මක දෙයක්ද කියලත් බලනවා. ගහක අමුතු රූපයක් වගේ හැඩයක් තිබුනොත් ඒ ගහ කපන්න බැහැ. ඇබොර්ජිනල් අයගේ ඇදහිලි වලට එය බලපාන නිසා. මෙහේ මගේ රටේ වගේ වටින පුරා වස්තු නැහැ. ඒත් ලංකාවේ පුරාවස්තු බුල්ඩෝසර දාලා විනාශ කරනකොට පුදුම වේදනාවක් දැනෙනවා.(නදී)

:       0       0

ඉදුනිල් Sunday, 17 February 2013 05:43 PM

"ගොළුබෙල්ලෝ, ගෙම්බෝ වඳවීගෙන යන දුර්ලභ ගනයේ ජීවීන්. සුද්දෝ ලංකාවට නෑවිත් රටට හෙන ගැහුවත් කමක් නෑ ගොළුබෙල්ලොයි ගෙම්බොයි ආරක්ෂා කරමු. ගාමිණී මේ කියන්නේ රටේ ජෛව සම්පත් වලට වඩා ඒවා හොරකම් කරන්න එන සුද්දෝ වටිනවා කියලනේ. වනජීවී නිලධාරීන් එහෙම නොහිතන නිසා තමයි හරියට රාජකාරි කරල තියෙන්නේ.(නදී)

:       0       0

ලලිත්-කටාර් Sunday, 17 February 2013 06:25 PM

කුසල්ථ නිමල් මහත්වරුනේ, සමහර දේවල් වල තියෙන කටුක කම දැක්කහම ඒවා බලලා හිතට දුකක් එනවා. එවිට එය මගහරවාගන්න උපහාසාත්මක දෙයක් හෝ ලියලා හිත හදාගන්නවා. (නදී)

:       0       0

නිමල් Sunday, 17 February 2013 09:41 AM

කුසල්, ඕකනේ මල්ලි අපේ රටේ මෙහෙම වෙලා තියෙන්නේ. මිනිසුන්ගේ ගතයුත්ත අඩුයි. ඉගෙන ගන්න දෙයක් නැහැ. අපේ අය දන්නේ ඉරිසියාවයි. පුරාජේරුවයි විතරයි.(නදී)

:       0       0

ලලිත් කටාර් Saturday, 16 February 2013 07:18 PM

ලංකාවේ සිටිය නිසා මොවුන් උල්කාපාතයෙන් බේරුනා. (ස)

:       0       0

ලාරා කෑගල්ල Saturday, 16 February 2013 07:18 PM

සංචාරකයෝ ගේනනනවා වගේම රට ආරක්ෂාකරන්නත් කාලය ඇවිත්. (ස)

:       0       0

නයනී දිසානායක Saturday, 16 February 2013 08:23 PM

මෙවායින් හදපු බෙහෙත් අශ්වයින්ට දුන්නොත් උන් බොහොම ටිකක් උඩ පැන පැන ගොලුබෙලිගමනෙම යෙදුනොත් අනෙක් ලෙඩ සුව උනත් වැඩක් වෙන්නෙ නෑනෙ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site